தமிழ்
English
Contact
Friday 29th September 2017    
ඛනිජ තෙල් වෘත්තීය සමිති දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ « Lanka Views | Views of the truth

ඛනිජ තෙල් වෘත්තීය සමිති දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ



වැඩ වර්ජනයේ නිරත ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තෙල් රැගෙන යාමට පැමිණි දුම්රිය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.

ආණ්ඩුව පාර්ශවය සහ විරෝධකාරුවන් අතර පවතින සාකච්ඡා අවසන් වී සිය ඉල්ලීම් වලට නිසි විසඳුම් ලබා දෙන තුරු ගබඩා පර්යන්තයෙන් තෙල් ලබා ගැනීමට ඉඩ නොදෙන බව විරෝධතාවයේ නිරත පිරිස පවසයි.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් පොලිසිය සහ කැරලි මර්දන ඒකක යොදා ගනිමින් විරෝධතාවයේ නිරත පිරිස ඉවත් කිරීමට කටයුතු කල අතර පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේ.

ත්‍රිකුණාමලය චීන වාරයේ තෙල් ටැංකි සංකීර්ණය සහ හම්බන්තොට වාරය තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් සංසථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් පසුගිය 24වන දා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් දීප ව්‍යාප්තව ආරම්භ කරන ලද අඛණ්ඩ වැඩවර්ජනය නිසා සැපයීම් කටයුතු ඇණහිට පැවතීම හේතුවෙන් ගුවන් තොටුපොළ පරිශ්‍රයට අවශ්‍ය තෙල් සපයා ගැනීම වෙනුවෙන් මෙම දුම්රිය ගබඩා පර්යන්තය වෙත පැමිණ ඇත.

 


ආශ්‍රිත පුවත්