தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
සියලුම කටයුතුවලට පොලිතින් තහනම හෙට(01) සිට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සියලුම කටයුතුවලට පොලිතින් තහනම හෙට(01) සිට



අාහාර පාර්සල් දවටන(ලන්ච් ෂීට්) ඇතුළු ඝනත්වයෙන් වැඩි පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව විවිධ ප්ලාස්ටික භාණ්ඩ නිපදවීම, බෙදාහැරීම සහ විකිණීම 2018 වසර අාරම්භ වන හෙට(01) සිට තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

සැප්තැම්බර් මස 01 වනදා සිට මෙම තහනම පනවා තිබුණද 2018 ජනවාරි 01 දක්වා සහන කාලයක් ලබා දීමට පසුව තීරණය කෙරිණි. එමෙන්ම ආගමික, සමාජීයිය, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු කිසිදු උත්සවයකට සැරසිලි සදහා පොලිතින් භාවිතය තහනම් වේ.  මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළ අාකාරයට හෙට (01) සිට පොලිතින් අලෙවිකරන තොග වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කරනු අැත. මේ අතර  කෙසේ වෙතත් සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය චෝදනා කරන්නේ පොලිතින් නිෂ්පාදකයන්ට රජය ලබාදීමට පොරොන්දු වූ සහන කිසිවක් මෙතෙක් ලබාදී නොමැති බවයි. මීට අමතරව අද (31) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ මිල අඩුවට භාවිතයට ගැනුන ෙපාලිතින් අාහාර දවටන තහනම් කෙරෙන මෙම තත්වය මත ඉදිරියේදී ආහාර මිල වැඩි කිරීමට සිදු වන බවයි.