தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
අවුරුදු 6ක් ජනාධිපතිකම දරන්න පුලුවන්ද? - මෙෙත්‍රිපාල ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අවුරුදු 6ක් ජනාධිපතිකම දරන්න පුලුවන්ද? – මෙෙත්‍රිපාල ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි



තමන්ට වසර 6ක් ජනාධිපතිධුරයේ රැදී සිටිය හැකිදැයි ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා අැත.

අාණ්ඩු ක්‍රම වයවස්ථාවේ සංශෝධන පදනම් කරගෙන මෙවැනි විමසීමක් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කර අැති අතර ජනවාරි 14 වැනිදාට පෙර ඒ් බව දන්වන ලෙස ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා අැත. 2015 ජනාධිපතිවරණ ක්‍රියාවලියේදී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අත්තනෝමතිකත්වය විවේචනයට ලක් කරමින් මෙෙත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ තමන් විසින් විධායක ජනාධිපති දූරය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු පත්කරන වයවස්ථා සංශෝධනයක් ගෙන ඒන බවයි. පළමු ධුර කාලයෙන් පසුව ඒක් දිනක්වත් විධායක බලය දරන්නට සූදානම් නැති බවද ඔහු ඒහිදී ප්‍රකාශ කර තිබිණි.

නමුත් අැත්ත වශයෙන්ම සිදු වූයේ විධායක බලය නාම මාත්‍රික වශයෙන් අඩු කරමින් තවදුරටත් බලය පවත්වාගන්නට ජනාධිපති වූ මෙෙත්‍රිපාල සිරිසේන විසින් කටයුතු කිරීමය.