தமிழ்
English
Contact
Wednesday 24th January 2018    
බැදුම්කර වංචාව සම්බන්ධ ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශයක් අද | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැදුම්කර වංචාව සම්බන්ධ ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශයක් අද



ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව සහ එහි නිර්දේශ සම්බන්ධයෙන් තමන් අදහස් ප්‍රකාශ කිරිමට සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් අද(3) දින සිදු කිරිමට නියමිත බව ජනාධිපති ලේකම්ජ කාර්නයාලය මාධ්‍ය වෙත දන්වා තිබිණි. චෝදනාවට ලක් වූ බැදුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභා වාර්තාව එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි විසින් පසුගිය දෙසැම්බර් 30 වනදා ජනාධිපතිවරයා වෙත භාරදී තිබිණි.