தமிழ்
English
Contact
Friday 23rd February 2018    
පළාත් පාලන මැතිවරණය ගේන කොන්දේසි මත පළාත් සභා පනතට එකග වුණා - අනුර දිසානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් පාලන මැතිවරණය ගේන කොන්දේසි මත පළාත් සභා පනතට එකග වුණා – අනුර දිසානායක



පළාත් පාලන මැතිවරණය ඉක්මන් කරගැනීමේ අපේක්ෂාවෙන් තම පක්ෂය පළාත් සභා මැතිවරණ  සංශෝධන පනතට පක්ෂ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

දැනට ප්‍රමාද කර ඇති පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා ඉක්මනින් සම්මත විය යුතු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන පනත් තුන පාර්ලිම්න්තුවට ඉදිරිපත් කොට ඔක්තෝබර් මස 09 වැනිදා විශේෂ සැසිවාරයක් කැඳවා මෙම පනත් තුන සම්මත කරගැනීමටත් ආණ්ඩුව  එකඟ වූ බව ජ.වි.පෙ. නායකයා හෙලි කර සිටියේය. එසේ පමා වූ මැතිවරණ ඉක්මනින් පැවැත්වීම වාසිදායක යැයි තම පක්ෂය විශ්වාස කරන නිසා පළාත් සභා ඡන්දය ගැන නොසිතා පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එකඟව ඡන්දය දුන් බව ද ඔහු කීය.

එසේම පළාත් සභා මැතිවරණ පනතට ගෙන ආ සංශෝධනවලට ජවිපෙ එකඟ නිසා එය සම්මත කිරීමට ආණ්ඩු පක්ෂය සමග එක්ව ඡන්දය ලබා දුන් බවත් ජ.වි.පෙ. නායකයා විසින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදී. පළාත් තුනක මැතිවරණයක් පවත්වා ඉන් පසුව නැවත වරක් කොටස් වශයෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වීම වෙනුවට මුළු රටේම පළාත් පාලන ඡන්දය පැවැත්වීම අවශ්‍ය යැයි කල්පනා කරන බැවින් තම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම මෙම තීරණය ගත් බව ද ඔහු පැවැසීය. තෙවන වර කියවීම අවස්ථාවේ සංශෝධන සඳහා පක්‍ෂව ඡඥන්ද 159ක් ලැබී තිබිණි. මේ නිසා ජවිපෙ මන්තී‍්‍රවරුන් 06 දෙනාගේ ඡන්ද නොමැතිව වුවද එම සංශෝධන සම්මත වන බැවින් ජ.වි.පෙ. විසින් එම පනත් සම්මත කිරිමට සහාය වූවා යැයි පැවසිය නොහැකි බව ජ.වි.පෙ. නායකයා පවසා ඇත.