தமிழ்
English
Contact
Thursday 14th December 2017    
2018 පළාත් පාලන මැතිවරණ වියදම රුපියල් බිලියන 3.5ක් « Lanka Views | Views of the truth

2018 පළාත් පාලන මැතිවරණ වියදම රුපියල් බිලියන 3.5ක්



පළාත් පාලන මැතිවරණය සඳහා ජනතා මුදලින් රුපියල් බිලියන 3.5ක් පමණ වැයවන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන්ම නව මැතිවරණ ක්‍රමය සම්බන්ධ මැතිවරණ නිලධාරීන් පුහුණු කිරීමට මෙන්ම ඡන්ද දායකයන් දැනුවත් කිරීම සඳහා සැලකියයුතු පිරිවැයක් දැරීමට සිදුවන බව පැවසේ.

මේ අනුව 2018 අයවැය යෝජනාවලියට අනුව ඉදිරි වර්ෂය සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට වෙන්කරන ලද රුපියල් බිලියන 5.5න් අඩකටත් ඉහල ප්‍රමාණයක් මෙම පළාත් පාලන මැතිවරණය සඳහා පමණක් වැයවනු ඇත.

මෙවර මැතිවරණයේදී නව ඡන්ද දායකයන් 150,000ක් එක්වීම හේතුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබන සංඛයාව මිලියන 15.7ක් දක්වා වර්ධනය වී ඇත.

2018 පළාත් පාලන මැතිවරණය හරහා මෙලෙස වැයකිරීමට නියමිත පිරිවැයෙහි සම්පූර්ණ බර ද අවසානයේ ජන්ද දායකයාට දැරීමට සිදු වනු ඇත.