Posted on 02.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත් පාලන මැතිවරණයේ ප්රසතිඵලවලින් හවුල් ආණ්ඩුවේ වැඩපිලිවෙල කෙරෙහි ජනතා ප්‍රසාදයක් නොමැති බව නිරූපනය වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද(23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වුනේ එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු සහභාගි වූ මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය වැඩසටහන ගැන ජනතාව උනන්දුවක් නොදැක්වු බව ද මෙවර මැතිවරණයේ ප්‍රතිඵල තමන් පිළිගන්නා බවද අගමැතිවරයා පවසා තිබේ.
තවද හවුල් ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉටු කරන්නට අසමත් වූ බව පිළිගන්නා බව ද අගමැතිවරයා මෙහිදී පිළිගෙන තිබේ.