Posted on 02.12.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත්පාලන මැතිවරණයේදී අාණ්ඩුව පසුපසට අැද දමමින් මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පොදුජන පෙරමුණ ලබා ගෙන අැති ජයග්‍රාහී තත්වය සම්බන්ධව රනිල් වික්‍රමසිංහ සහ මෙෙත්‍රීපාල සිරිසේන අතර හමුවක් ඊයේ(11) රාත්‍රියේ පැවැති බව දැනගන්නට ලැබිණි.
ඒහිදී පළාත්පාලන මැතිවරණයෙන් පසුව අැතිව තිබෙන නව දේශපාලන තත්වය තුළ අගමැතිධුරය සම්බන්ධ ඉල්ලිමක් ඉදිරිපත් වුවහොත් ඒ් ගැන කටයුතු කරන්න සිදුවන බව ජනාධිපතිවරයා අගමැතිවරයා වෙත දැනුම් දී අැත. ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා පවසා අැත්තේ ඒවැනි ඉල්ලීමක් ඉදිරිපත්වන්නේ නැති බවය. අගමැතිවරයා ස්ථිර ලෙසම ඒවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවන බවට සහතික කර අැත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග වේලාසන පැවැති සාකච්ඡාවකදී තහවුරු කරගත් කරුනු අනුව බව දේශපාලන අංශවල අදහස් හුවමාරු වෙමින් තිබේ. 2020 දක්වා පවතින අාණ්ඩුව ඉදිරියට ගෙනයාමට බාධා නොකරන බවට මහින්ද රාජපක්ෂ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යම් පොරොන්දුවක් දී අැති බවද කතාබහට ලක්ව තිබේ. ඒ් අනුව, හෙළිදරව් වන්නේ පළාත්පාලන මැතිවරණයේ ජයග්‍රහණය ලැබූ පාර්ශ්වය ලෙස මහින්ද රාජපක්ෂට අැති කේවල් කිරීමේ හැකියාව සම්බන්ධව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද වේලාසනින්ම අවධානය යොමුකර අැති බව සහ ප්‍රසිද්ධියේ අැති විරුද්ධවාදී දේශපාලනයට යටින් රහසින් ගනුදෙනු ඔවුන් අතර පවතින බවය.
පළාත්පාලන මැතිවරණය තුළ මැතිවරණ ෙව්දිකාවලදී වංචා දූෂන අාදිය පිළිබද බරපතළ චොද්නා ඒකිනෙකාට ඒල්ල කරමින් ජනතාවගේ ඡ්නද ෙකාල්ලකා ගත් පාලකයන් දේශපාලන බලය සම්බන්ධ කාරනයේදී ඒකිනෙකා අතර ගනුදෙනුකර ගන්නා අකාරය තවදුරටත් රහසක් නොවේ.