Posted on 08.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සෞඛ්‍ය අැමති රාජිත සේනාරත්නට ඒරෙහි විශ්වාසභංගය පරාජය කරන බවට ප්‍රසිද්යේධි ප්‍රකාශ නිකුත් කරන්නට ඉදිරිපත්ව අැත්තේ තමන්ට ඒල්ල වූ දූෂණ චෝදනා හමුවේ දේශපාලන බලයෙන් අාරක්ෂා වූ ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රවි කරුණානායක සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒස්.බී.දිසානායක බව දේශපාලන අංශවල අවධානයට ලක්ව අැත.
මෙහිදී තර්කය වි අැත්තේ ඔවුන් දෙදෙනා විසින් අැමති රාජිත සේනාරත්න අාරක්ෂා කරමින් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කිරීම අැත්ත වශයෙන්ම රාජිත සේනාරත්නට අවාසියක් මිස වාසියක් නොවන බවයි. ජනමාධ්‍ය මගින් රාජිත රකින්නට තැත් කිරීමෙන් ඔවුන්ගේ ගොඩටම දමා ගැනීමක් මිස රාජිත සේනාරත්නට ඒල්ල වී අැති බරපතල චෝදනාවලින් ඔහු අාරක්ෂා කරන්නට කිසිදු දේශපාලනමය හෝ සදාචාරමය පදනමක් මේ අැමතිවරු දෙදෙනාට නැතිබවද දේශපාලන නිරික්ෂකයන් විසින් පෙන්වා දී අැත.
ශ්‍රීල.නි.ප. භාණ්ඩාගාරික අැමති ඒස්.බී. දිසානායක බේරුවල පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේ රාජිත අැමතිවරයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව තමන් දුටු බවත් ඒ්වා පරාජය කරන්නට කටයුතු කරන බවත්ය. සයිටම් අායතනය අාරම්භ කළ සහ ඒයට ෙරා්හලක් සෑදීමට උදව් කළ තමන්ට හා මහින්ද රාජපක්ෂට නැගිය යුතු චෝදනා රාජිත අැමතිවරයාට ඒරෙහිව ඉදිරිපත්කර අැති බවය. විශ්වාසභංගයේදී සේඛ්‍ය අැමති රාජිත ෙස්නාරත්න අාරක්ෂා කරන බවද ඒස්.බී. දිසානායක අැමතිවරයා ඒහිදී අවධාරණය කළේය. ඒස්.බී.දිසානායක අැමතිවරයා සමෘද්ධි අැමති ෙලස ඒහි අරමුදල් වංචා කරමින් හගුරන්කෙත විශාල මන්දිරයක් ඉදිකළ බවට චොද්නා ඒල්ල වුවද ඒවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් කිසිදු විමර්ශනයකට ඉඩ නොතබා ඔහු අාරක්ෂා කරන ලදී.
භාණ්ඩාගාර බැදුම්කර වංචාවට සම්බන්ධ බවට චොද් නැගීමෙන් පසුව පසුගියදා අැමතිධුරයෙන් ඉවත් කළ රවි කරුණානායක විසින්ද රාජිත සේනාරත්න අැමතිවරයා අාරක්ෂා කරන බවට ප්‍රකාශයක් කර තිබිණි. ඔහු පවසා අැත්තේ විශ්වාසභංග යෝජනාවක් පිළිබද අත්දැකීම් අැති අයකු ලෙස වත්මන් අාණ්ඩුව බිහිකිරීමට වෙහෙස වී වැඩ කළ රාජිත අැමතිවරයා අාරක්ෂා කරන බවයි. හිටපු මුදල් අැමති ලෙස රවි කරුනානායකට ඉල්ලා අස්වන්නට ඒ.ජා.ප. නායකත්වය විසින් දැනුම් දුන්නේ විපක්ෂයෙන් බැදුම්කර වංචා සිදුවීම අැතුළු වංචා චොද්නා සහිතව ගෙන අා විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට ඉදිරිපත් වූ පසුවය.