தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
රයන් ජයලත් පැහැර ගැනීමේ උත්සාහය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය « Lanka Views | Views of the truth

රයන් ජයලත් පැහැර ගැනීමේ උත්සාහය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය



වෘත්තිකයන්ගේ සංගම් ශාලාව අසළදී මහදවාලේ ශිෂ්‍යයකු පැහැරගෙන යාමට උත්සාහ කිරිම මතකයෙන් ගිලිහෙන තවත් එක් සිදුවීමක් බවට පත්ව ඇත. මේ ගැන පාර්ලිමේන්තුවේදී හඩ නැගුනද ඉන් පසුව පවා කිසිදු විමර්ශනයක් නැත. අඩුම ගණනේ එවැනි විමර්ශනයක් ඉල්ලන්නට කිසිවකු ඉදිරිපත්ව නැත. පොලිස් ඇමති සාගල රත්නායක විසින් ඒ ගැන වාර්තාවක් ඉල්ලා සිටියේ පොලිස්පතිවරයාගෙනි. බොහෝ දෙනා පවසන්නේ එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක්වනු ඇති බවය. දැන් කතාව අමතක වෙමින් තිබේ. එහි තේරුම අප ඇතුලු සමාජය එය බැඑරෑරුම් සිදුවීමක් ලෙස නොසළකා ඇති බවයි. ඒ නිසා එය සාමාන්‍යකරනය කිරිමකට අප සියලු දෙනා වගකිවයුතුව ඇත.

අන්තරේ කැඳවුම්කරුැ ලහිරු වීරසේකර ශිෂ්‍යයා අත්අඩංගුවට ගැණුනේ මර්දනයට එරෙහිව පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී යමින් සිටියදී පිවිසුම් දොරටුව අසලදීය. රයන් ජයලත් ශිෂ්‍යයා පැහැර ගැනීමට වෙර දැරුවේ වෘත්තිය සමිති, දේශපාලන පක්‍ෂ, සමඟ සයිටම් විරෝධී අරගලයේ ඉදිරි පියවර සාකච්ඡා කොට ආපසු යාමට පැමිනි වාරයේය.

ශිෂ්‍ය ව්‍යාපාරය එහි අරගලය පිළිබඳව සාකච්ඡා කරන හැමවිටම ඒ හා සමඟම කියැවෙන ප‍්‍රධාන කරුණක් වනුයේ මර්දනයයි. එනිසා කෙනෙකුට ශිෂ්‍යයන්ට එරෙහි මර්දනය සාමාන්‍ය දෙයක් ලෙස පෙනී යා හැකිය. එහෙත් මේ මර්දනය හිසට එල්ල කරන බැවින් පොලූ පහරකට වඩා සංකීර්ණ කතාවක් අපට කියාපායි. ඒ නිසා ඒ පිළිබඳ වඩාත් පුළුල් සාකච්ඡාවක් පමණක් නොව සමාජ විරෝධයක්ද ගොඩනැගිය යුතුය.

රයන් පැහැර ගැනීමට ආවේ සිවිල් ඇඳුමින්ය. එය හොර පාරෙන් මර්දනයට ආ CID වෑන් රථයකි. රයන්ව කර තියා ගෙන යා නොහැකි නිසා වෑන් රථයක් ගෙන ආ බව කිව හැක. ඇත්තටම සිදුවීමට අදාල හෙලිදරව්ව සිදුවූයේ පැහැර ගැනීමට දැරූ තැත වැලකුණු බැවිනි. වැළකුණේද නිකම්ම නොවේ. වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජිකයන්, වෘත්තිය සමිති හා දේශපාලන පක්ෂ කි‍්‍රයාධරයන්ද මැදිහත් වීමෙනි. එසේ සිදුවීම වනවිටම ප‍්‍රශ්නකිරීමට කිසියම් බලපෑමක් කළහැකි පිරිිසක් සිටියහ. එසේ නොවන අවස්ථාවක සාමාන්‍ය වැසියකු පැහැරගෙන යාමේදී සිදුවන්නේ කුමක්දැයි එයින්ම පැහැදිලි වේ.

ලංකාවේ අපට පැහැර ගැනීම යන්න අද ඊයේ අත්විඳින එහෙත් නැත්නම් අත්විඳින ලද දෙයක් නොවේ. එය විශේෂයෙන් අප සමාජය හමුවේ අත් දකිනුයේ 80 දශකයේ අවසන් භාගයේය. එක් පැත්තකින් උතුරේද එමෙන්ම දකුණේද මෙය ඒකාකාරව පැවතිනි. අසූ ගණන් වල අග භාගයේ පටන් 90 දශකය මුල දක්වා දකුණේ පැහැර ගැනීම් සුලබ දසුනක් විය. එසේම උතුරේදී තිස් අවුරුදු යුද්ධය පුරාමත් එය සාමාන්‍ය දෙයක් විය. පශ්චාද් යුධ කි‍්‍රයාවලියේ ප‍්‍රධාන සටන් පාඨයක් ලෙස ‘අතුරුදන්වූවන් පිලිබඳ සාධාරණය ඉෂ්ට කරනු‘ යනුවෙන් හඩ නැගෙන්නේ ඒ නිසාය. එහි වඩාත් සංකීර්ණ සිදුවීමක් වූයේ ගිනිගෙන දැවෙන උතුරේ අතුරුදන්වූවන් පිලිබඳ සොයා බැලීමට ඊට එරෙහිව හඩනැගිමට මැදිහත් වූ ලලිත් මෙන්ම කූගන් යුද්ධය අවසන්ව වසර දෙකකට පසු 2011 දෙසැම්බරයේදී පැහැරගැනීමට ලක්වීමය.

අප එකී පැහැරගැනීමෙන් ආරම්භ කරනුයේ නම් ආරක්‍ෂිත කලාපයක සියළු විවිර තුලින් ආරක්‍ෂක අංශ පමණක් ඇස් දල්වා ගෙන සිටින විටක ඔවුන් පැහැර ගත්තේ කවුද? ඒ අන් කිසිවකු නොව රාජ්‍ය බුද්ධි අංශයි. ලංකාවේ අවස්ථා කීපයකදී උතුරේද දකුණේද රාජ්‍ය බලයට එරෙහිව නැත්නම් අරගල කාරිත්වය මැද රාජ්‍ය කෙරෙන් පලවූ මර්දනයේ ප‍්‍රධාන ස්වරූපය වූයේ ත‍්‍රස්තවාදයයි. ඒ රජයේ ආරක්‍ෂක අංශ දැනුවත්ව ගොඩනැගූ රාජ්‍ය ත‍්‍රස්තවාදයයි. දේශපාලන අධිකාරියේ පූර්ණ අනුදැනුම ඇතිව ගොඩනැගූ මෙය ලංකාවේ සමාජයම වෙලාගත් ව්‍යසනය බවට පත්විය.

රයන් පිලිබඳ සිදුවීම පසුපස ඇත්තේද මෙකී සංස්කෘතියේ පුනරුච්චාරනයක් මිස අනෙකක් නොවේ. ඉන් හැඟවෙන්නේ එය මර්දන සංස්කෘතිය අත්හල බව නොව තවදුරටත් පවතින වත්මන් පාලනය පමනක් නොව නව ලිබරල් ධනවාදය තුල අංග ලක්‍ෂණයක් බවට පත්ව ඇති බවයි. එබැවින් එය වරින් වර පෙරලා සමාජ ගතවන අතර මර්දනයේ ස්වරූපය මත එහි උස් පහත් වීම්ද සිදුවන බවය. ලංකාවේ සමාජය මේ තත්වය දරාගෙන සිටියා පමණක් නොව එය දෛනික ජීවිතයේ කන බොන දේ මෙන් එදිනෙදා සිදුවන සාමාන්‍ය දෙයක් බවට පත් පැහැර ගැනීම් කොතරම් සාමාන්‍ය වූයේද යත් විශේෂයෙන් ආරක්‍ෂක අංශ සාමාජිකයන් අවසානයේදී කප්පම් සඳහාද පැහැර ගැනීම් සිදු කරන සාමාන්‍ය දෙයක් බවට පත්කෙරිනි.

එසේ පැහැර ගනු ලැබූවෝද ලේබල් කරනුයේ ‘ත‍්‍රස්තවාදී’ ගොඩේය. එබැවින් මේ ආකාරයෙන් ගොඩනැගුණු පැහැර ගැනීම් සංස්කෘතිය ලංකාවේ දේශපාලනය තුල ඔඩු දිවූ මෙන්ම සමාජයේ පෙරලා නැගෙන විරෝධය අවම වූ සංසිද්ධියක්ද විය. දකුණේ පැහැර ගැනීම් වලදී ඒවා ජවිපෙ සාමාජිකයින්, නැත්කම් කඩාකප්පල් කාරීන්, ත‍්‍රස්තවාදීන් විය. එහෙත් ඊට එරෙහි නොවීමේ වරද අප තවම ගැඹුරින් සාකච්ඡා නොට නැත. ඒවාට උඩින් පැනගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පිළිබඳවය 2015දී සාකච්ඡා කෙරුණේ.

එනිසා ඇපයෙන් බේරීමට හෝ මහින්ද උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන නමින් කොමිසමක් ගෙන ආ අතර එය පැත්තකට දැමූ වත්මන් පාලනය පැහැර ගැනීම් මතු සිදු නොවන්නටය කියා පැහැර ගැනීම් ගැන තොරතුරු රැස්කිරීමට කාර්යාලයක් පිහිටුවීමට කතා කලේය. සැබවින්ම මේ සියළු දෙනා සිදුකලේ පැහැර ගැනීම් පිළිබඳ මතකයන් ගිලිහෙන තුරු ප‍්‍රශ්ණය කල්දැමීම මිස එවැනි තත්වයක් යලි ඇති නොවීමට සමාජයක් බලාත්මක කිරීම නොවේ. එය නවලිබරල් පාලකයන් විසින් සිදු කරන්නක්ද නොවේ. එය කළ හැක්කේ අතුරුදන්කිරීම් නිසා පිඩා විදි උතුරේද දකුණේද ජනයාටය. සටන් කරන කම්කරු, ශිෂ්‍ය, තරුණ බලවේගවලටය.