தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
SAITM එරෙහි දෙමාපිය සත්‍යග්‍රහය කොළඹ කොටුවේදී « Lanka Views | Views of the truth

SAITM එරෙහි දෙමාපිය සත්‍යග්‍රහය කොළඹ කොටුවේදී



SAITM ආයතනයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500ක් සහ පන්ති වර්ජනයට දින 150 ඉක්මවන තුරුත් අදාළ ගැටළු වලට විසදුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් අද(19) දින රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය විසින් කොළොඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට SAITM ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සත්‍යග්‍රහයක් සංවිධානය කර ඇත.

සරසවි සිසුන්ට පහර දෙමින් මෙම හොර උපාධි කඩය ආරක්ෂා කරමින් සිටින වත්මන් ආණ්ඩුව ලබා දෙන ව්‍යාජ විසදුම් කිසිසේත් පිළිතුරු ලෙස භාර නොගන්නා බවත් මෙම ආයතන වහාම වසා දැමීමට හෝ රජයට පූර්ණ වශයෙන් පවරා ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කරන බවත් මෙම ක්‍රියාමාර්ගය තුලින් අනෙකුත් බලාවෙග සමඟ ඒකාබද්ද වෙමින් මෙම සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් එම සංගමය වැඩි දුරටත් පවසයි.

මෙම සත්‍යග්‍රහය සඳහා සරසවි සිසුන්, වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන් ගණනාවක් සම්බන්ද වී තිබුණි.