தமிழ்
English
Contact
Friday 27th October 2017    
SAITM වෛද්‍ය පාඨමාලා සහතිකය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප කරයි ! « Lanka Views | Views of the truth

SAITM වෛද්‍ය පාඨමාලා සහතිකය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප කරයි !



මාලඹේ SAITM ආයතනයෙන් පිට වන සහතිකපත්ලාභින්ට බ්‍රිතාන්‍ය තුළ වෛද්‍යවරයකු ලෙස සේවය කිරීම තහනම් කරමින් එරට වෛද්‍ය සභාව SAITM නාමය සිය අසාදු ලේඛනයට ඇතුලත් කර ඇත.

මේ අනුව බ්‍රිතාන්‍ය තුළ මාලඹේ SAITM ආයතනය ලබා දෙන සහතිකය වලංගු නොවන අතර එම පාඨමාලා සහතිකලාභින්ට වෛද්‍යවරයෙකු ලෙස පිළි නොගනු ඇත. බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් පිළිනොගත් උපාධි පිරිනමන ආයතන ඇතුළත් අසාදු ලේඛනයට මාලබේ  සයිටම් ආයතනය ද මේ වනවිට ඇතුළත් බව නිවේදනය කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ පී.එල්.ඒ.බී. පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිරිනමනු ලබන පාටමාලා සහතිකයක් තිබීම සුදුසුකමක් ලෙස නොසැලකේ.

සයිටම් වෛද්‍ය පාඨමාලාව සම්පූර්ණ කළ බවට ප්‍රකාශ කරමින් ශිෂ්‍යයකු විසින් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ පී.එල්.ඒ.බී. විභාගයට පෙනී සිටීමට සදහා ඉදිරිපත් කර ඇති අයදුම්පතක් ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ ශිෂ්‍යයා පීඑල්ඒබී විභාගයට අයදුම්පතක් ඉදිරිපත් කළ පසුව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් සයිටම් නමැති  වෛද්‍ය විද්‍යාලයක් පිළිගත් උපාධි ආයතනයක් ලෙස ලංකාවේ ක්‍රියාත්මක වේද යන්න ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් කරුණු විමසා ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනය පිළිබද උද්ගතව ඇති තත්වය පිළිබද ප්‍රකාශ කර ඇති කරුණු පදනම් කරගනිමින් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් සයිටම් ශිෂ්‍යයාගේ අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබේ. ඒ බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් එම ශිෂ්‍යයාටත් සයිටම් ආයතනයටත් දැනුම් දී තිබේ.

ඒ අයුරින් මෙම ආයතනය අසාදු ලේඛන ගත වී ඇති තත්වයක පවා මෙරට ආණ්ඩුව විසින් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් අත්‍යවශ්‍ය අවම ප්‍රමීතින් පවා වෙනස් කරමින් ව්‍යාජ මවා පෙන්වීන් හරහා හෝ SAITM ආයතනය සහ පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය රැක ගැනීම වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින බව පැහැදිලිව දක්නට ඇත.

 

Save

Save

Save