தமிழ்
English
Contact
Monday 4th September 2017    
SAITM අඛණ්ඩ උපවාසයට නිතීඥ සංගම් සහාය « Lanka Views | Views of the truth

SAITM අඛණ්ඩ උපවාසයට නිතීඥ සංගම් සහාය



මාලඹේ SAITM ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් කොළඹ කොටුව ඉදිරිපිට සිදු කරනු ලබන අඛණ්ඩ උපවාස ක්‍රියාමාර්ගය සඳහා අද(30) දින නිතීඥ සංගම් වල සහාය හිමි වී තිබුණි.

මෙම ක්‍රියාමාර්ගයේ 10වන දිනය සඳහා උපවාස අට්ටාලය සමඟ සම්බන්ධ වෙමින් එම නීතීඥවරුන් මෙලෙස සිය සහයෝගය ලබා දෙන ලදි.

පසුගියදා ජනාධිපතිවරයා විසින් වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය විසින් ඉදිරිපත් කර තිබු යෝජනාවලිය සඳහා එකගත්වය පළකර තිබු නමුත් මේ වන තෙක් SAITM ආයතන අහෝසි කිරීම ඇතළු අනෙකුත් ක්‍රියාමාර්ග වෙනුවෙන් ආණ්ඩුව කිසිඳු පියවරක් ගැනීමට කටයුතු කල නොමැත.