தமிழ்
English
Contact
Monday 11th December 2017    
පවුල් සමීක්ෂණයකට මුවාවී සමෘද්ධි සහන කැපීමට විරෝධය « Lanka Views | Views of the truth

පවුල් සමීක්ෂණයකට මුවාවී සමෘද්ධි සහන කැපීමට විරෝධය



අහිමිවි ඇති සමෘද්ධි කාඩි පත නැවත ඉල්ලා තලවාකැලේ ප‍්‍රදේශයේ සමෘද්ධි ලාභින් පිරිසක් සමෘද්ධි බැංකුව ඉදිරිපිට අද (11) උද්ඝෝෂණයක් ආරමිභ කළහ.

තමන්ට හිමිව තිබු සමෘද්ධි කාඩිපත් පන්සිය තිස් එකක් සමාජ බල ගැන්විමේ අමාත්‍යංශය මගින් සිදුකළ සමීක්‍ෂණයකින් පසු අහිමි කර එම කාඩි පත වෙනත් අයට ලබා දි ඇති බව උද්ඝෝෂණයේ නියැලි සමෘද්ධි ලාභීහු චෝදනා කරති. එම අමාත්‍යංශය මගින් සිදුකළ සමික්‍ෂණයට අදාල කරගෙන තිබු නිර්නායක කෙසේවත් සාධාරණ නොවන බව ඔවුහු කියති.

ෙම් අතර තම පාලනය යටෙත් සමෘද්ධි සහනාධාරය කිසිසේත් කප්පාදු කිරීමක් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අද(11) ඇඹිලිපිටියේදී පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.  ජනතාවගේ ආර්ථිකය පිළිබඳව සිතමින් වත්මන් රජය තීන්දු ගන්නා බව කියා සිටි ජනාධිපතිවරයා සමෘද්ධි සහනාධාර හිමිවිය යුතු පවුල් සොයා  ඒවා ලබාදීමට කටයුතු කරන බවත්, සහනාධාර කප්පාදු කිරීමක් හෝ අඩු කිරීමක් සිදුනොකරන බවත් කියා සිටියේය. එමෙන්ම ජනාධිපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් දේශපාලන උසිගැන්වීම් මෙන්ම නොමඟ යැවීම් රැසක්ද දක්නට ලැබෙන බවයි.

මේ අතර ආණ්ඩුව ජනතාවගේ සහනාධාර කප්පාදු කරමින් දිළිඳුකම පිටු දැකීමේ වර්ෂය සැමරීමට සූදානම් වන බව සමස්ත ලංකා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය පවසයි. ෙම් වනවිට රටපුරා විවිධ ස්ථානවලින් ෙචා්දනා ලැෙබමින් අැත්ෙත් අාණ්ඩුව සමෘද්ධි සහනය කපා හරින බවටයි. පවුල් සම්බන්ධ සමීක්ෂනයකින්තා අාදායම සම්බන්ධ ෙතාරතුරු ලබාගන ජනතාවෙග් අයිතිවාසිකම් කප්පාදු කරන්නට සූදානම්වන බවට විවිධ පාර්ශ්ව විසින් අාණ්ඩුවට ෙචා්දනා කර අැත. ෙපසුගිය කාලෙය් ග්‍රාම නිලධාරි වසම්වල පවුල් සමීක්ෂණයකින් ලබාගත් දත්ත අැසුෙරන් රු. 3000කට වඩා මාසික අාදායම් අැතිවුන්ට සමෘද්ධි සහන කපාදැමීම පිළිබද  විවිධ ප්‍රෙද්ශවලින් ෙචා්දනා මතු වෙමින් ති බ්.  ෙම් නිසා අැතැම් ස්ථානවල මහජන විරෝධතා පැන නැගුනි.