Posted on 10.12.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද (12) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් පත් කිරීමට කිසිවකු මෙතෙක් සිටි සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට සූදානම් වන්නේ නම්, තමා එයට දැඩි ලෙස විරුද්ධ බව ශ්‍රීලනිප ජාතික සංවිධායක තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ආසන කිහිපයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිත වූයේ අද සවසය. ලැබුණු වාර්තා අනුව ආසන සංවිධායක ධූර දරන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, විදුර වික්‍රමනායක ඇතුළු පස්දෙනෙකු එම සංවිධායක ධූර වලින් ඉවත් කරන්නට නියමිත විය.
මේ පිළිබද අදහස් දක්වමින් පක්ෂය ශක්තිමත් කිරීමට දරදිය ඇදි ආසන සංවිධායකයින් ඉවත් කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඉතා මෑතකදී පක්ෂයට බැඳුණු, පක්ෂයේ ඉතිහාසය නොදන්නා පිරිසකට බව ශ්‍රීලනිප ජාතික සංවිධායකවරයා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කිවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයට ආදරය කරන පක්ෂයේ බහුතරයකට අවශ්‍ය වී ඇත්තේ බෙදීමක් නොව පක්ෂය සමගි කිරීමක් බවය. කිසිවකු විසින් යටි අරමුණු මත පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දරනවා නම් එය ඉටුකර ගැනීමට කිසිවිටෙකත් ඉඩනොදෙන බව ඇමැතිවරයා පැවැසීය.