Lanka Views Latest and Reliable News from Sri Lanka updated as it happens, Views about Politics in Sri Lanka http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=frontpage Thu, 29 Jan 2015 09:05:41 +0000 Joomla! 1.5 - Open Source Content Management en-gb මාත්ස් නිවැරදි ඇයි කෘතිය එළි දකී http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=22404:2014-12-24-05-26-37&catid=56:2008-11-23-19-32-27 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=22404:2014-12-24-05-26-37&catid=56:2008-11-23-19-32-27 ඉංග්‍රීසි ජාතික මාක්ස්වාදී ලේඛක ටෙරී ඊගල්ටන් විසින් රචිත WhyMarx Was Right  කෘතියේ සිංහල පරිවර්තනය ‘මාක්ස් නිවැරදි ඇයි? නමින් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විසින් පරිවර්තනය කොට එලිදැක්වීය. කෘතිය එලිදැක්වීමේ උත්සවය අද දින සවස 3.00 සිට 6.00 දක්වා කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයේ දී පැවැත්විණ.

මෙහිදී පහත අදහස් පල විය.

මහාචාර්ය සුමනසිරි ලියනගේ -

දේශපාලනයේ දේවල් තීරණය වෙන්න පන්ති පදනම බලපානවා. මේ යුගයේ බොහෝ වාමාංශිකයන්ට වැටහී නැත්තේ ඒක. මාදුලුවාවේ සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරයට සිදු වූ දෙයින් මෙය ඟනැහැ. මේ නිසා අවසානයේ එම ව්‍යාපාරයට යා හැකි දුරක් තිබුණා. අද වන විට ඔවුන්ගේ ව්‍යාපෘතිය මත මුද්‍රා වී තිබෙන්නේ හෙළ උරුමයේ මුද්‍රාව. මේක ඒ ඒ පුද්ගලයින් ගැන පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි බලවේග වල පන්ති පදනම පිළිබද ප්‍රශ්නයක්.පුබුදු ජයගොඩ -

 

නව ලිබරල් ධනවාදය විසින් දේශපාලනය තුළ වෙනස්කමක් ඇති කරලා තිබෙනවා. අතීතයේ ධනේශ්වර පක්ෂ අතර ලිබරල් සහ කොන්සර්වැටිව් කියලා වෙනසක් තිබුණා. අඩු වැඩි වශයෙන් ලංකාවෙත් මේ බෙදීම දකින්නට තිබුණා. නැමැති ලංකාවේ ප්‍රභල ධනේෂ්වර පක්ෂ දෙකක් තිබුණා. ඒ පක්ෂ දෙක අතර පෙනුමෙන් හරි වෙනසක් තිබුණා. නව ලිබරල් ප්‍රතිපත්තිය සමඟම නව කොන්සර්වැටිව් ප්‍රතිපත්තියක් පැමිණියා. දැන් පක්ෂ හැම එකක්ම නව ලිබරල් නව කොන්සර්වැටිව් ප්‍රාග්ධනයේ හැසිරීම පැතිරීම පිළිගන්නා අතර ඒ වෙනුවෙන් සමාජ අගතීන්. ඒ කියන්නේ ආගම්වාදය ජාතිවාදය පාවිච්චි කරනවා. 77 පස්සේ ලංකාවේ වුනෙත් ඒක. චන්දිකා බණ්ඩාරනායක 94 දී ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙන්න යෝජනා කලා. අවුරුදු 11 පස්සේ අපට තේරුණා එහෙම කරන්න බැහැ කියලා. අවුරුදු 11 ක් යන්න ඕන නැහැ. මාසයටකට පස්සේ තේරුණා. ඒක එහෙම කරන්න බැහැ කියලා. ඒ ඇන්සන්ලංකා, බුලූ  ඩයමන් කම්කරුවන්ට පහර දෙන කොට. බ්‍රමර් 18 පොතේ මාක්ස් කියනවා හෙගල් කිව්වා ඉතිහාසයේ දෙවරක් සිදු වේ කියලා නමුත් ඔහුට කියන්න අමතක වුණා. ඒක පළමුව ඛේදවාචයක් දෙවනුව විගඩමක් කියලා. මීට 20 පෙර එම අපෙක්ෂාවන් පාවා දීම ඛේදවාචකයක්. අද මේ වන දේ විගඩමක්. මේ දෙක අතර වෙනසක් නැහැ කියලා තේ්රුම් ගන්න. 19 වනදා එළිදක්වපු මෛතපාල සිරිසේනගේ පුතිපත්ති ප්‍රකාශනයක් අද එළිදක්වපු මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දිහා බලන්න විතරයි අවශ්‍ය. මෛතපාලගේ පතිපත්ති ප්‍රකාශනයේ ලිබරල් බුද්ධිමතුන් බලාපොරොත්තු වුණ අනාගමික රාජ්‍ය ගැනවත් විධායක ජනාධිපති ධුරට අහෝසි කිරීමවත් නැහැ. ඡන්ද පොරෙන්දු විතරයි දෙපැත්තේම දැන් මේ හදන්නේ මිලියන පහලවක ඡන්ද දායකයින්ව අපයෝජනය කරන්නයි යන්නේ. ඒ අපයෝජනය සදහා බලයේ මාත්‍රාව බලමිනුයි ඉන්නෙ. කොච්චර සල්ලි කොච්චර සෝභන ඕනෙද කියන එක. දක්ෂිණාංශික පක්ෂ තවදුරටත් ප%තිපත්ති මත දේශපාලනය කරන්නේ නෑ. දේශපාාලනය කරන්නේ සුපිරි තරැ හදල අඩු තරමේ ඒ සුපිරි තරැවත් මාකට් කර ගන්න බැරි වෙලා තියෙනවා. දක්ෂිණාංෂිකයට මෙහෙම වෙද්දි වමට මොකද වුනේ!ර්‍ බොහෝ වාමාංශිකයින් ප%තිපත්ති අත ඇරිය. වම අතඇරිය. වම විප්ලවීය හරය අතඇරලා දකුණට පසුබැස්ස.ප්‍රජාතන්ත්‍රවාදය සහිත ධනවාදය ඥාති සංග්‍රහහ නැති ධනවාාදය ගැන කථා කරනව. එක පවුලක් මතට ධනය එකතු වීම වෙනුවට නෑදෑකම් නැති ධනපතියෙි පිරිසක් අතට ධනය එකතු වීම විසදුම හැටියට පෙන්වනව. චම්පික රණවක ඉල්ලා සිටිනවා ජාතික නිෂ්පාදන වැඩි කරන්න කම්කරැවන්ට ධීවරයන්ට ගොවවීන්ට කියනව මහන්සි වෙලා වැඩ කරන්න එතකොට ප%තිලාබ හම්බවෙයි කියල. එක ප%ශ්නයක් තමි මීට වඩා තව මහන්සි වෙන්නෙ කොහොමද කියල. අනිත් එක තමයි වැඩකරන ජනතාවගේ ජීවිත වලට මොකද වෙලාතියෙන්නෙ. ලංකාවෙ  ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ප%මාණයක් උපයා වෙන විදේශ ගත ශ්‍රමිකයාගේ තත්වය මොකක් ද? ඔවුන් ලංකාවට නැවත එන්නේ මිනී පෙට්ටිවල. ඊට පස්සේ ඇඟලුම් කම්හල්වල වැඩ කරන ශ්‍රමිකයින්ගේ තත්වය මොකක් ද? දවසකට පැය 12ක් විතර වැඩ කරලා රු.16000ක් විතර තමයි උපයන්නේ. ඊළඟට වතුවල වැඩ කරන ජනතාව? ඔවුන්ට සීනි පොල් සුඛෝපබෝගී භාණ්ඩ වෙලා. මේක තමයි ජාතික ධනය උපයන ජනතාවගේ තත්ත්වය.            

]]>
lkhemachandra@gmail.com (Lakmali) frontpage Wed, 24 Dec 2014 05:09:42 +0000
කඩා වැටුණු යානය ගැන විමර්ශනයට රුසියාවෙන් පැමිණෙයි http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=22351:2014-12-15-10-51-21&catid=35:2008-10-13-08-30-14&Itemid=48 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=22351:2014-12-15-10-51-21&catid=35:2008-10-13-08-30-14&Itemid=48 alt
 
රත්මලාන ගුවන්තොටුපළට එන අතරේදී කඩාවැටුණු ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානාව සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කිරීම සඳහා එකී යානාව අලුත්වැඩියා කළ රුසියානු සමාගමේ විශේෂඥයන් කණ්‌ඩායමක්‌ අද (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
 
2010 වසරේදී මෙම ගුවන් යානාව එම රුසියානු සමාගමට යවා පූර්ණ අලුත්වැඩියාවකට ලක්‌කර තිබේ. මේ නිසා එම ඇන්ටනොව් යානාව කඩාවැටීමට මුල් වූ හේතූන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වන පරීක්‍ෂණයට සහය දීමට පැමිණෙන බව මෙම රුසියානු විශේෂඥයන් කණ්‌ඩායම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.
 
]]>
wasanthak@hotmail.co.uk (Wasantha) frontpage Mon, 15 Dec 2014 10:46:49 +0000
වසන්තය සොයා... http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=21934:2014-10-17-10-49-28&catid=110:poster-2&Itemid=122 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=21934:2014-10-17-10-49-28&catid=110:poster-2&Itemid=122

]]>
admin7@lankaviews.com (Sampath) frontpage Thu, 16 Oct 2014 20:45:31 +0000
කොළඹ පවුල් 65,000කට උන්හිටිතැන් අහිමි කරයි http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=21281:-65000-&catid=35:2008-10-13-08-30-14&Itemid=48 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=21281:-65000-&catid=35:2008-10-13-08-30-14&Itemid=48

කොළඹ නගර සංවර්ධන සැලැස්මට අනුව කොළඹ පිහිටි අඩු ආදායම් ලාභී නිවාස (පැල්පත්) 65,000 ක් ඉවත් කිරීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට අද (17) අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුමැතිය ලැබුණි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙමගින් මුදවා හරිනු ලබන ඉඩම් තට්ටු නිවාස ඉඳිකිරීමට, සංචාරක කටයුතු, පොදු පහසුකම් සහ අනෙකුත් ගොඩනැඟිලි ඉදිකිරීමට යොදවා ගනු ලබනු ඇත.

තවද එම යෝජනායට අනුව බහුමහල්වලින් යුත් තට්ටු නිවාස පද්ධතීන් ඉදිකර මෙම පවුල් එම නිවෙස්වල පදිංචි කිරීමට නියමිතය.

කෙසේ  වෙතත් මීට වසර දෙකකට පෙර මාලිගාවත හා කොම්පඤ්ඤවීදිය යන ප්‍රෙදේශවලින් මෙලෙස ඉවත් කළ පැල්පත්වාසීන් සඳහා මේ වන තුරුත් කිසිඳු නිවාසයක් ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන නොමැති අතර මේ වන විට ඔවුන් තොටලඟ ප්‍රෙදේශයේ පැල්පත්වල ජීවත් වන බව වාර්තා වේ.

]]>
admin7@lankaviews.com (Sampath) frontpage Thu, 17 Jul 2014 16:11:30 +0000
‘කුවේණි’ ජුනි 18 මහරගමදී... http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20935:--18-&catid=99:2014-06-16-05-59-21&Itemid=119 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20935:--18-&catid=99:2014-06-16-05-59-21&Itemid=119 8 ශ්‍රේණියේ සිංහල විෂය සඳහා නිර්දේශ කර ඇති හෙන්රි ජයසේනයන්ගේ විශිෂ්ටතම නිර්මාණයක් වන ‘කුවේණි’ නාට්‍යය සමුද්‍රා ජීවනී කරුණානන්දගේ අධ්‍යක්ෂණයෙන් යුතුව ජුනි මස 18 වැනි බදාදා පෙරවරු 8.15ට සහ 10.45ට මහරගම තරුණ සේවා රංගශාලාවේ දී වේදිකා ගත වීමට නියමිතය. මෙහි ප‍්‍රධාන සංවිධායක ලෙස ජූඞ් ශ‍්‍රීමාල් කටයුතු කරයි.]]> admin7@lankaviews.com (Sampath) frontpage Sun, 15 Jun 2014 18:03:43 +0000 ඉවර වුණේ, ශිෂ්‍ය ව්‍යාපාරයේ කතාව නෙමෙයි, ආණ්ඩුවේ කතාව - නජිත් http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20907:2014-06-12-05-05-30&catid=35:2008-10-13-08-30-14&Itemid=48 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20907:2014-06-12-05-05-30&catid=35:2008-10-13-08-30-14&Itemid=48 ශිෂ්‍ය ව්‍යාපාරයේ කතාව අවසන් බව පාලකයන් ප‍්‍රකාශ කළ බවත් එසේ ඉවර වී ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කතාව නොව පාලකයන්ගේ කතාව බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ප‍්‍රකාශ කළේය.
 
ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (10) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නවලිබරල් ධනවාදයටත් ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලනයටත් එරෙහිව, සිසු ජන පෙලගැස්ම නමින් සංවිධානය කර තිබූ රැලියක් අමතමිනි. 
මෙම රැලිය සවස 03ට පමණ හයිඞ් පිටියෙන් ආරම්භ වූ අතර ඊට පෙර පාගමනක්ද සංවිධානය කර තිබුණි. පාගමන සවස 01ට පමණ සෞන්දර්ය විශ්වවිද්‍යාය අසලින් ආරම්භ විය. 
]]>
admin7@lankaviews.com (Sampath) frontpage Wed, 11 Jun 2014 16:51:54 +0000
සීගිරියේ බඹරු ඇවිස්සී 40ක් රෝහලේ....... http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20728:-40-&catid=35:2008-10-13-08-30-14&Itemid=48 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20728:-40-&catid=35:2008-10-13-08-30-14&Itemid=48 altසීගිරි පරිවතයේ තිබූ බඹර කූඩයක බඹරුන් ඇවිසසී එහි සංචාරයේ ගිය පුද්ගලයින් 40කට ආසන්න ප‍්‍රමාණයක් රෝහල් ගත කර ඇත. 
පොලීසිය සඳහන් කළේ සීගිරිය පර්වතයේ සිංහපාදය අසලදී අද (15) දහවල් මෙම බඹර ප‍්‍රහාරය එල්ලවී ඇති බවයි. බඹරුන් දෂ්ඨකිරීමට ලක්වූ පුද්ගලයන් සීගිරිය සහ දඹුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර විදෙස් ජාතිකයන් කිහිපදෙනෙකුද සිටින වාර්තා වේ. සීගිරිය ගල ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පවතින අධික සුළං තත්ත්වය මෙම බඹරුන් ඇවිස්සීමට හේතුවී ඇත.
]]>
lankaviews@gmail.com (Administrator) frontpage Thu, 15 May 2014 22:21:25 +0000
ජයග‍්‍රහණයෙන් පසු http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20422:2014-04-04-14-21-18&catid=88:2012-09-07-13-45-14&Itemid=106 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20422:2014-04-04-14-21-18&catid=88:2012-09-07-13-45-14&Itemid=106 alt

]]>
admin7@lankaviews.com (Sampath) frontpage Fri, 04 Apr 2014 14:18:32 +0000
කැලණි සරසවි විප්ලවවාදී ශිෂ්‍ය සංගමය අපේ‍්‍රල් විරුවන් සමරයි http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20425:2014-04-05-05-15-18&catid=35:2008-10-13-08-30-14&Itemid=48 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20425:2014-04-05-05-15-18&catid=35:2008-10-13-08-30-14&Itemid=48 alt‘අරුණට පෙර පෙරමග දුටු සොහොයුරන් විනිවිදිමු’ යන තේමාව යටතේ 71 අපේ‍්‍රල් අරගලයේ 43 වැනි සැමරුම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාල තුළදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එහි පළමු සමරුව කැලණිය විශ්වවිද්‍යාලයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමය මඟින් අද (4) දින හවස 4.00ට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව මහතාගේ සහභාගීත්වයෙන් ශිෂ්‍ය මධ්‍යස්ථාන ආපනශාලාවේදී පැවැත්වින.

alt

alt

]]>
admin7@lankaviews.com (Sampath) frontpage Sat, 05 Apr 2014 05:04:07 +0000
ඥානසාර හාමුදුරුවනේ, ලබ්බට තැබූ අත පුහුලට නොතබයිද? http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20420:2014-04-03-05-42-42&catid=69:2009-08-07-09-41-10&Itemid=130 http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=20420:2014-04-03-05-42-42&catid=69:2009-08-07-09-41-10&Itemid=130 altවිල්පත්තුවේ වනයේ සිදු වන ඉඩම් කොල්ලය පිළිබඳ බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්ට චෝදනා කරමින් සිටී. එහිදී බොදු බල සේනා සංවිධානයේ මූලිකම චෝදනාව වන්නේ අමාත්‍යවරයා විසින් විල්පත්තු වනය කපා මුස්ලිම් කොලනියක් නිර්මාණය කිරීමට යනවා යන්නය.
මෙයට පිළිතුරු ලෙස බදුර්දීන් අමාත්‍යවරයා පවසන්නේ මෙකී ක‍්‍රියාවලිය සියලූ නීති රීති පිළිපදිමින් සිදු කර ඇති බවයි.
පසුගිය ඉතිහාසයක් පුරාවට මෙරට දහස් ගනනින් ඝාතන සිදු වූයේ මෙකී බිමේ අයිතිය පිළිබඳ ප‍්‍රශ්න මූලික කරගනිමිනි. මිනිසුන් තමන් ඉපදුන බිමට කියන්නේ මව්බිම කියාය.
දේශපේ‍්‍රමය යනුවෙන් හඳුන්වන්නේ මේ නිසා ඇතිවන හැ`ගීමයි. පසුගිය ලංකා ඉතිහාසය පුරාම සිංහල දෙමල ජාතික ප‍්‍රජාවන් නියෝජනය කළ අය තොරොම්බල් කරන ලද්දේ මෙකී හැ`ගීමයි. උනුනුන් මරා ගත්තේ තමන්ගේම වූ භූමියක් වෙනුවෙනි.
දැන් යුද්ධය ආණ්ඩුව විසින් අවසන් කර ඇති බව කියයි. ඉතින් එසේ නම් දැන් මිනිසුන්ට තමන්ගේ බිමේ අයිතිය හිමිවී තිබිය යුතුය.
නමුත් අද වන විට එය එසේ ද?
පසුගිය අපේ‍්‍රල් පළමුදා පැවති මහවැලි අධිකාරිය විසින් ඉඩම් ඔප්පු ප‍්‍රධානය කිරීමේ උත්සව අවස්ථාවකට පැමිණි ගැහැණියකට ආණ්ඩුව විසින් තම ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳ කීමට නිමල් සිරිපාල ඇමතිවරයා වෙත යනු නොදී පොලිසිය විසින් ඇය ඉවත් කළ පුවතක් වාර්ථා විය. එවැනි සරල සිදුවීම් වල සිට පසුගිය කාලයේ සාම්පූර්වල කොළඹ දිස්ත‍්‍රීක්කයට සමාන ඉඩම් ප‍්‍රමාණයක් එකී බිමේ කලින් සිටි ජනතාවට අහිමි කොට ඉන්දියානු නිදහස් වෙළඳ කාලාපයකට ලබා දීම. කිලිනොච්චියේ අක්කර දහස් ගනනක් වගාවන් සඳහා ව්‍යාපාරිකයන්ට ලබා දීම. කොළඹ දිස්ත‍්‍රීක්කයේදී මෑතක දී වනාතමුල්ලේ වතු නිවාසිකයන් පාරට ඇද දමා එම ඉඩම් අත්පත් කර ගැනීමේ සිට නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් සිය ඉඩම් අහිමි කර ගැනීමට සිදු වීම දක්වා දහස් දස දහස් ගනනකගේ ජීවමාන අත්දැකීම් මෙහිදී දැක්විය හැක. එලෙසම ඉහත බොදුබල සේනා සංවිධානයට නොපෙනුන මත්තල ගුවන්තොටුපොල ඉදිරිකිරීම වැනි ව්‍යාපෘති නිසා විනාශ වූ කැලෑ බිම් ප‍්‍රමාණය, සිංහරාජ වනාන්තරය හරහා මහා මාර්ගයකට යැයි කියමින් සිදු වූ වන විනාශය, සංචාරක ව්‍යාපාර සඳහා මුහුදු බඩ ප‍්‍රදේශවල ඉඩම් විදේශකයන්ට ලබා දීම. ඇතුලූව මේ වන විට ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කර ඇති සිය සංචාරක කර්මාන්තය මූලික කර ගත් සිය ආර්ථික වැඩපිළිවෙල සඳහා වන ජාතික භෞතික සැලැස්ම අනූව ඉදිරියටත් එවැනි බොහෝ ඉඩම්, කැලෑ මෙරට මිනිසුන්ට අහිමි වීමට නියමිතය. 
මේ අනූව බොදුබල සේනාවෙන් ඇසීමට ප‍්‍රශ්නයක් ඇත. ඔවුන් මව්බිම කියන්නේ විල්පත්තුවද? කොළඹ යාපනය සිංහරාජය මුහුදුබඩ ප‍්‍රදේශ මේවා ඔවුන්ගේ මව්බිමට අයිති දේ නොවේද?
ඔවුන්ගේ දැන ගැනීම පිණිස යමක් කියමු. මෙවැනි අප කී බොහෝ ඉඩම් අත් පත් කර ගැනීම් කර ඇත්තේ ඔවුන් ගේ සංවිධානයේ ගාල්ලේ ශාඛාවක් විවෘත කිරීමට පැමිණි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ අමාත්‍යංශය ම`ගින් බවයි.
නමුත් ඔවුන් කෙදිනකවත් මෙකී මැදිහත්කරුන්ට විරුද්ධව ගත් මාධ්‍ය සාකච්ඡුාවක් අප දැක නැත. එපමණක් නොව ඇමති රිෂාඞ් බදුර්දීන්ට අනූව මේ සඳහා නීතියානුකූල අවසර දී ඇත එය කර ඇත්තේද වත්මන් ආණ්ඩුවයි. ඒ නිසා සැබෑ වරදකරුවන් සොයා ගැනීමට රාෂාඞ් බදුර්දීන් වෙත ඇ`ගිල්ලක් දිගු කරන විට තමන්ගේ එම අතේම ඔවුන් දෙස දිගුව ඇති. ඔවුන් පසුපසින් සිටින ගෝඨාභයලා ඇතුලූ මෙරට මිනිසුන්ගේ ඉඩම් අයිතිය සූරා කන ධනපති පාලකයන් වෙත එල්ල වී ඇති ඇ`ගිලි දෙස බැලෙන්නේ නැත.
ඒ වෙනුවට බොරුවට එකිනෙකාවෙත තර`ගට බැනගනිමින්. ජනතාවට විහිලූ සපයමින්, සිංහල හා වෙනත් ජාතික ප‍්‍රජාවන් සිය බංකොලොත් දේශපාලනයේ සිරකරුන්කරගනිමින් ඇත. මෙය යටත්විජිත සමයේ සිට ලංකාවේ ධනවාදය සිය පාලනය පවත්වාගෙන ආ ආකාරයයි. මේ අනූව ඉතා පැහැදිළි සත්‍ය වන්නේ මේතෙක් මව්බිම යනුවෙන් සිතූ දෙය මෙරට මිනිසුන්ගේ දෙයක් නොව බොදුබලසේනාව ඇතුලූ රිෂාඞ් බදුර්දීන් ඇතුලූ ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පාලක ධනපතියන්ගේ දෙයක් බවයි.
නමුත් අද වන විට සිංහල දෙමල මුස්ලිම් ලෙස නිර්ධන පංතිය බෙදමින් ධනපති ගෝඨාභයලා බදුර්දීන්ලා කරුණලා කේපී ලා හකීම්ලා සම්බන්ධන්ලා ජාතිවාදී ගිනි තබමින් රිසිසේ මෙරට මිනිසුන්ගේ ඉඩම් අයිතිය සූරා කමින් සිටී. මැල්කම් එක්ස් වරක් කියූ ලෙස ‘ ධනවාදයට වර්ගවාදයේන් තොර පැවැත්මක් නැත. ’ යනුවෙන් පැවසුවේ මේ නිසාය.
 
]]>
admin7@lankaviews.com (Sampath) frontpage Thu, 03 Apr 2014 05:38:32 +0000