Latest news
A+ R A-

අයින්ස්ටයින් කියලා එකෙක් හිටියෙත් නෑ, ඉඳලත් නෑ...

E-mail Print PDF

 

altවිජ්ජා ඇමතියා දවසක් පණ කඩාගෙන නොදකිං තුමා හමුවෙන්න ආවා. මිනිහා ‍පංසල්වත්ත බංගලාවට ගොඩවැදුනේ ගේ ඉස්සරහ තිබුණ පඩික්කමත් පෙරළගෙන.

 නොදකිං තුමාට අම්බානක මළ පැන්නත් මේ යකාට හදිසියේ හැදිච්ච කඩි කුලප්පුව මොකක්ද කියලා දැනගන්න ඕන නිසා බුරුසු රැවුල අඹරවන ගමන් ඌ දිහා ‍බැලුවා. "අයින්ස්ටයින්ගේ තියරියටත් කෙළවෙලා..." මිනිහා හති දානගමන් කියාගෙන ගියා. මේකා බෙරිහන් දෙන හැටියට මොකක් නමුත් මහ නස්පැත්තියක් වෙලා ඇති කියලා නොදකිං තුමාට හිතුණා. කොහොමටත් මූ මාක්ස්ගේ තියරියටත් කෙළපු එකෙක්නේ... කටින් නොකිව්වත් නොදකිං තුමාට කල්පනාකරා.

ඔය අයින් කාරයෝ අහුමුළුවලට වෙලා කෑගැහුවට බයවෙන්න එපා ලොක්කා... නොදකිං තුමා වැඩිහිටියන්ට කතා‍කරන්න ඕන විදියට වයසක ඇමතියා සංසුන් කරන්න හදනවා.

'අයින් කාරයෝ නෙවෙයි අයින්ස්ටයින්...' විජ්ජා ලොක්කා ආයෙමත් බෙරිහන් දුන්නා. මේ මැන්ටල් කාරයන්ව ෂේප් කරගන්න එක නොදකිංතුමාට මහ දෙයක් නොවෙයි. හැබැයි මේ යකාගේ වයසෙ හැටියට කිසි දෙයක් පැහැදිලිව අහගන්න බැරි බව නොදකිං තුමාට තේරුණා. මොකා වුණත් මේ අයිං කාරයා නම් පොරක් වෙන්නැති කියලා කල්පනා කරන ගමන් ඩ්‍රයිවර් කොල්ලට කතාකරලා පඩික්කම අස්කරන්න කිව්වා. ඒ අතරේ අර අයින්ස්ටයින්ද මොකාද කියන එකා ගැන විජ්ජා ලොක්කා හෙන දේශනාවක් කළා. ‍මෙලෝ මලදානයක් නොතේරුණත් පොර වැඩිහිටියෙක් හින්දා නොදකිං තුමා සයිඩ් ගහලා අහං ඉන්න බවක් පෙන්නුවා. මේ වයසක සෙට් එක පට්ටම් විතරක් දීලාවත් පැත්තකට කරන්න බැරි හැටි කියලා නොදකිං තුමාට හිතුණා. කොහොම වුණත් අයින්ස්ටයින් ගැන නොදකිං තුමාට පැය භාගයක් විතර ඒ  දේශනාව අහං ඉන්න වුණා.

කොහොම වුණත් විජ්ජා ලොකු උන්නැහේ ගියපු ගමන්ම මේ අයිංස්ටයින් කාරයා ගැන හොයන්න එතුමාට හිතුණා. නොදකිං තුමා සෙල්ෆෝන් එකත් අරං හාන්සි පුටුවේ දිගෑදුනේ කාගෙන්ද මූ ගැන අහන්නෙ කියලා කල්පනා කරමින්. කොහොම වුණත් මූ විද්‍යාවට සම්බන්ධයක් ඇති කියලා හිතපු එතුමා රණ-වකයගෙන් මේ ගැන අහන්න කල්පනා කළා.

රණ-වකයා ඉස්සර විජ්ජා ලිපි ලිව්වා කියලා ආරංචියක් තියෙන නිසා එකත් එකටම ඌ මේ ගැන දන්නවා ඇති. ජයමංගල ගාථා රිං ටෝන් එකෙන් පස්සේ එහා පැත්තෙන් හලෝ කිව්වා. නොදකිං තුමා ව‍හෙන් ඔරෝ නැතිව  කෙළින්ම ප්‍රශ්නෙට බැස්සා. රණ-වකයා දිගට හරහට වනලා දාන්න ගත්තා. බටහිර ගැති අධිරාජ්‍යවාදී යුදෙව් චින්තනේ... ඌගේ දේශනාව විජ්ජා ලොක්කට හපන්. රණ-වකයාගෙනුත් මේකා මොකාද කියලා දැනගන්න බෑ කියලා නොදකිං තුමාට තේරුණා.

සමහරවිට මේ ගැන විපස්සයා දන්නවා ඇති. විපස්සයාගෙ ෆෝන් එකත් රිං කරන කොටම ඉස්සුනා. නොදකිං තුමා ප්‍රශ්නය ඉදිරිපත් කළා. කොළඹ දින්නා කියන්නේ රටම දිනුම් කියන එකයි. දැන් කොළඹම කොළ පාටයි. දැන් අපි ඔය අයිස්කාරයන්ගෙ විතරක් නෙවි හැමෝගෙම නගර සභාව. විපස්සයා ඇරියස් කවර් කරනවා. නොදකිං තුමාටත් දෙකක් කියන්න හිතුනත් ඉඳල හිටල හරි කෝපි එකක් බොන්න ඉන්න කොල්ලනේ කියලා හිතහදාගෙන ෆෝන් එක කට් කළා.

තාම හොයාගන්න බැරිවුණානේ මේ අයිස්ටයිනයා කවුද කියලා. නොදකිං තුමා දහඅතේ කල්පනා කළා. පස්සේ පොරට සෝමේ සීයව මතක් වුණා. පොරනම් ෂුවර් එකටම දන්නවා ඇති. මොකද මාක්ස්ගෙ ඉඳල තියරි කීයකට කෙළවපු එකෙක්ද ? නොදකිං තුමා සෝමේ සීයට රිං කළා. "සාදුකින් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියව්..." කියලා රිං ටෝන් එකක් ඇහුණා. ටික වේලාවකින් ඇනිත් පැත්තෙන් කතා කළා. නොදකිං තුමා සෝමේ සීයටත් ප්‍රශ්නය යොමුකළා. කවුද මේ අයින්ස්ටයින් කියන්නේ? උපකාරක අවස්ථාවන් ඕනෙ නම් ඒවත් දෙන්න පුළුවන් කියලා නොදකිං තුමා කියන්න හැදුවා විතරයි, සෝමේ සියා පරල වෙලා වගේ කියාගෙන කියාගෙන ගියා...

"...අයින්ස්ටයින් කියලා එකෙක් අපේ පක්ෂෙ ඇත්තෙත් නෑ... හිටියෙත් නෑ... මධ්‍යමකාරක සභාවේ හිටියෙත් නෑ.. ඉඳලත් නෑ... මම තමයි එකම නායකයා..."

නොදකිං තුමා කැරකිලා ගියපු පාරට ෆෝන් එක අතඇරුණා...

  

Comments

 
+3 # salalihini 2011-10-31 11:59
කුමාර සහොදරය එලියට එන්නෙ නැද්ද...මෙහෙම ඉඳල ඉඳල අන්තිමට සෝමෙ සීය ආව වගේ වෙයිද දන් නෑ....දෙමළ සහොදරත්වය ව්ල්මත් වෙලා ඉන්න වෙලාවක කුමාර සහොදරයට ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි...
Reply | Reply with quote | Quote
 
 
+1 # Keerthi 2011-11-09 19:34
Niyama kathava.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින පුරා වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවමත් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ... Read more

Advertisment

advertisment