A+ R A-

නානායක්කාර මහතා සහ කරුණාරත්න මහතා

E-mail Print PDF

 

වාසුදේව - මේ ආණ්ඩුවත් යන්නේ අධිරාජ්‍යවාදී මාවතේමයි. අපි හදන්නේ එමගින් මුදවලා නිවැරදි මගට ගන්න.

ප‍්‍රශ්නය - එහෙනම් ඔබලාට ආණ්ඩුවෙන් ඉවත්වීමට පවා සිදුවන්න පුළුවන් නේද?

වාසුදේව - නැහැ. අපි ආණ්ඩුවෙන් යන්නෙ නැහැ. අපි ගියොත් ආණ්ඩුවක් කොහෙද තියෙන්නෙ? එහෙම උනොත් එජාපය බලයට එයි. අපි ඒකට ඉඩ තියන්නෙ නැහැ.

මෙම සම්මුඛ සාකච්ඡාව 1996දී ප‍්‍රකාශයට පත් ‘සිතිජය’වාර සඟරාවේ කලාපයකින් උපුටා ගන්නා ලද්දකි. 1996වන විට පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතව තිබුණි. එම ආණ්ඩුව විසින්, 1995දී හටගත්  උද්ඝෝෂණයකදී කම්කරුවකු වෙඩිතබා මරාදැමීම එවකට විශාල ආන්දෝලනයක් ජනිත කළේය. එජාපයේ විවෘත ආර්ථික ගමන් මාර්ගයෙන් කැඞී වෙන්වන බවට ප‍්‍රතිඥාදී බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක ලිබරල් ධනවාදයේ උද්‍යෝගිමත් සත්කාරිකාවක බවට මේ වනවිට පත්වී සිටියාය.

එවකට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර තමාම සාමාජිකයකුව සිටි ආණ්ඩුවේ ගමන පුවත්පත් සාකච්ඡාවකදී විවේචනය කරන්නේ එවැනි සන්දර්භයක් තුළය. පොදු පෙරමුණ පැරැණි ‘අධිරාජ්‍යවාදී’මාර්ගයේම ගමන් කරමින් සිටින බව පවසන වාසුදේව ඉන්පසු ”එම කරුණ මත ආණ්ඩුවෙන් ඉවත් වනවාද?” යනුවෙන්  මාධ්‍යවේදියා නගන ප‍්‍රශ්නය අභිමුව ආරක්ෂාකාරී පහරකට යොමුවේ. ‘එජාපය බලයට පත්වීමට ඉඩ තිබෙන නිසා’තමා එවැන්නක් නොකරන බව එහිදී හෙතෙම පවසයි. ඒ වසර 16කට ඉහතදීය.

ඉතිහාසයේ සමානතා නිර්මාණය වන ආකාරය එක් අතකින් හාස්‍යජනක වන්නේය. පසුගිය ඉරිදා ‘මව්බිම’සති අන්ත පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබූ වියපත් වාසුදේව නානායක්කාර ජාතික ප‍්‍රශ්නය සම්බන්ධව ආණ්ඩුව ජාතිවාදී ලෙස කටයුතු කරන බවට මැසිවිලි නගා තිබුණි. කන්තලේ අක්කර හාරසියයක් රාජපක්ෂ සහෝදරයන් විසින් සමාගමකට විකිණීමට දැරූ ප‍්‍රයත්නයක් පිළිබඳද හෙතෙම එහිදී පැමිණිලි කොට තිබුණි. තමා රාජ්‍ය භාෂා ඇමැතිවරයා ලෙස සියලූම රාජ්‍ය ආයතනවල නාම පුවරු භාෂා ත‍්‍රිත්වයෙන්ම තිබිය යුතු බවට තීන්දු කළත් ආරක්ෂක ලේකම්වරයා එම තීරණය කිසිදු ලෙසකින් නොතකන බවට ඔහු පුවත්පත් ඉදිරියේ නෝක්කාඩු නගා තිබුණේ සති කිහිපයකට පෙරදීය.

වාසුදේව නානායක්කාර ‘තමන්ව හඳුන්වාගන්නා පරිදි’ඔහු ලිබරල් ධනවාදයට, ඒකාධිපතිවාදයට විරුද්ධය. ජාතීන්ගේ සමානත්මතාවය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂය. එසේ වුවද මෙම දේශපාලනඥයා මෑත ඉතිහාසයේ බිහිවූ වඩාත්ම ජාතිවාදී, වඩාත්ම අධිකාරිවාදී, වඩාත්ම නව ලිබරල්වාදී ආණ්ඩු තන්ත‍්‍රයේ ඇමැතිවරයකු වන්නේය. ‘‘ඔබ මෙම ජරාපත් රජයට සහය දෙන්නේ ඇයි?” දැයි විමසූ විට නානායක්කාරගේ මුවග පවතිනුයේ ‘එජාපයට අවස්ථාවක් දිය නොහැකිය’යන පහසු පිළිතුරයි.

මෙහිදී අපට මෙසේ විමසිය හැක. වාසුදේව නානායක්කාර යනු තක්කඩියෙක්ද? තමා නියෝජනය කරන රෙජීමය තමා ප‍්‍රකාශ කරන දෙයෙහි සම්පූර්ණ පරස්පරය බව දනිමින්ම සිය පැවැත්ම සඳහා ආණ්ඩුවේ ලැගසිටින නරුමයෙක්ද? එසේත් නැතිනම් එජාපය බලයට ඒම වළක්වමින් තමා සැබැවින්ම යහපත් කාර්යයක් ඉටු කරමින් සිටී යැයි සද්භාවයෙන්ම විශ්වාස කරන්නෙක්ද?

ඉහත ප‍්‍රශ්න මඳක් විවෘතව තබා අප නානායක්කාරගේ මෙම භාවිතය ඔහුගේ නිවුන් අනෙකා යැයි සිතෙන තරමට පොදුජන ව්‍යවහාරය තුළ ඔහුගේ නම සමග කියැවෙන (වාසු-බාහු) වික‍්‍රමබාහු කරුණාරත්නගේ භාවිතය සමග අභිමුඛ කරමු. වාසුදේව මෙන්ම වික‍්‍රමබාහු ද සමසමාජ සම්ප‍්‍රදාය මගින් ශික්ෂණය ලැබූ දේශපාලකයන් වන අතර 1976දී සමසමාජ පක්ෂයේ සභාග දේශපාලනය කෙරෙහි විවේචනයක් සහිතව ඉන් කැඞී පිහිටවූ නව සමසමාජ පක්ෂයේ ආරම්භක නායකයෝ වූහ.

ජනවාරි 01දින ලක්බිම ඔහුගේ කොලමට ‘ශක්තිමත් නොවන වමක් සහ රනිල්ගේ අභියෝග’නමින් ලිපියක් ලියන වික‍්‍රමබාහු මෙසේ ලියයි. ”මේ වෙලාවේ ජාතිවාදී නව ලිබරල්වාදී රජයට එක්තරා අභියෝගයක් කළ නායකයෙක් හැටියටයි රනිල් ඉදිරියට ඇවිත් ඉන්නේ. වම ශක්තිමත් නැති වෙලාවේ එයාගේ ඒ අභියෝගය වැදගත්. ඒ වම කළ යුතු වැඩක් තරමකට හෝ ඔහුගෙන් වන නිසයි”

වික‍්‍රමබාහු තමා එක්සත් ජාතික පක්ෂය සමග පවත්වන සම්බන්ධතාවය ‘වැඩි නරකට එරෙහිව අඩු නරක’සූත‍්‍රය මගින් විග‍්‍රහ කරනු ලබයි. එනම් ජාතිවාදී මහින්දට වඩා ලිබරල්වාදී රනිල් හොඳය. රනිල් වික‍්‍රමසිංහ නව ලිබරල්වාදයට එරෙහි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක් ලෙස වික‍්‍රමබාහු සිය තීරු ලිපිවල බොහෝ අවස්ථාවලදී විස්තර කරයි. වාසුදේවට අනුව අධිරාජ්‍යවාදී රනිල්ට වඩා ජනතාවාදී මහින්ද හොඳය. වාසු සහ බාහු දෙදෙනාම මේ අනුව බැලූ බැල්මට පරස්පර මාර්ග දෙකකින් ගොස් ළ`ගාවනුයේ එකම මංසන්ධියටය. වඩා නරක ධනේශ්වර නායකයෙක් වෙනුවට ඊට වඩා ‘ටිකක් හොඳ’ ධනේශ්වර නායකයෙක් යන්න මොවුන් දෙදෙනාම පරිකල්පනය කරයි. වාසුදේව සිය ‘ටිකක් හොඳ’ධනේශ්වර නායකයා ලෙස රාජපක්ෂ තෝරාගනිද්දී වික‍්‍රමබාහු රනිල් වික‍්‍රමසිංහ සිය සගයා ලෙස තෝරාගනී.

මෙම දේශපාලකයන්ගේ හිස්වල තිබෙන ධනපති පක්ෂවල සාපේක්ෂ හොඳනරක පිළිබඳසියලූ ඇගැයුම් හුදු පරිකල්පනයන් පමණි. ලංකාව වැනි පසුගාමී රටක බෙලහීන ධනපති පංතිය නව ලිබරල්වාදයට එරෙහි පවුරක් වන්නේ යැයි සිතීමම ප‍්‍රලාපයකි. මෙම යුගයේදී ගෝලීය ධනවාදය සමග සුරතල් වීම හැරෙන්නට මෙම දුබල ධනේශ්වර නායකයන්ට අන් විකල්පයක් නැත. සමසමාජයෙන් රැඩිකල් විවේචනයක් සහිතව කැඞී ආ හිටපු ට්‍රොට්ස්කිවාදී නායකයන් දෙදෙනා මෙය නොදන්නවා විය හැකිද?

වම මේ මොහොතෙහි ප‍්‍රබල නැතිනම් සිදුකළ යුත්තේ වමේ දේශපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් සටන් කිරීමද? එම සටන අතහැර එක්කෝ වෙනත් ප‍්‍රභූ නායකයෙකු වඩා ප‍්‍රගතිශීලි යැයි ඒත්තු ගන්වනු වස් තර්ක සම්පාදනයෙහි යෙදීමද?

චෞරත්වයට එරෙහිව සම්මුති විරහිතව සටන් කිරීම මිස එක් කොල්ල කල්ලියකට එරෙහිව තවෙකක් සමග සිටගැනීම - කෙතරම් අවංක වාමාංශිකයකු වුවද -  වාමාංශිකහරණය කිරීමෙහි සමත්ය. වාම දේශපාලනයෙහි යෙදීමේ විශ්වාසය සහ ධෛර්ය නොපවතී නම් යමෙක් කෙතරම් දේශපාලන න්‍යාය උගතකු වුවද ඔහුව ක‍්‍රමය විසින් ජීර්ණය කර

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment