A+ R A-

ඕසෝන් වියන රැකගැනීමට සටන් කළ විද්‍යාඥයා මියයයි

E-mail Print PDF

පෘතුවිය වටා පිහිටි ඕසෝන් ස්ථරය විනාශ වී යමින් පවතින බවත් එය බරපතළ ගැටලු රැසක් ‍ඇතිකරනු ඇති බවත් පෙන්වාදුන් නොබෙල් තාග්‍යලාභී රසායන විද්‍යාඥ ෂර්වුඩ් රෝලන්ඩ් පසුගිය සෙනසුරාදා (10) මරණයට පත්වූ බව වාර්තා වේ.

මිය යනවිට 84 හැවිරිදි වියේ පසුවූ ඔහු කැළිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ අධ්‍යනාංශයක ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර පාකින්සන් රෝගය හේතුවෙන් මරණයට පත්වී ඇති බවද වාර්තා වේ.

සුවඳ විලවුන්, වායු සමීකරණ, ශීතකරණ වැනි නිෂ්පාදනයන්හි භාවිතා කරන ක්ලෝරොෆ්ලුවොරො කාබන් හේතුවෙන්, පෘතුවිය වටා ආරක්ෂක වියනක් මෙන් පිහිටා ඇති - හානිකර විකිරණයන්ගෙන් පෘතුවිය සුරකින ‍ඕසෝන් ස්ථරයට හානි සිදුවන බවත් එය දශක කිහිපයක් තුළ විනාශ වී යා හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. එම අනාවරණය කිරීම වෙනුවෙන් 1995 වසරේදී ඔහු ඇතුළු තිදෙනෙකුට රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමිවිය.

ඔවුන්ගේ අනාවරණය කිරීමෙන් දශකයක් ගතවීමටත් මත්තෙන් ධ්‍රැවාසන්න ප්‍රදේශයට ඉහළින් ඕසෝන් වියනේ සිදුරක් පවතින බව විද්‍යාඥයින් විසින් සොයාගන්නා ලදී.

එමෙන්ම ක්ලෝරොෆ්ලුවොරො කාබන් වෙනුවට පරිසරයට හානිකර නොවන වෙනත් ආදේශක භාවිතා කරන ලෙසට දැඩි අරගලයක නිරත වූ කීර්තිමත් විද්‍යාඥයෙකු ලෙසද රෝලන්ඩ්ගේ නම ඉතිහාසයට එක්ව තිබේ.

1997 දී දේශගුණ වෙනස්වීම් සම්බන්ධයෙන් ධවල මන්දිරයේ පැවති වටමේස සාකච්ඡාවකදී දීර්ඝ දේශනයක් පවත්වමින් ඔහු අවධාරණය කර සිටියේ පරිසරයට හානිකර දේ පෙන්වා දීම විද්‍යාඥයින්ගේ වගකීමක් නොවන්නේද යන්නයි. එම වගකීම විද්‍යාඥයින් සිදුනොකරන්නේ නම් එය කවුරුන් කවදා සිදුකරන්නේද යන්න පිළිබඳව ඔහු එහිදී ප්‍රශ්න කර තිබිණි.

 

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment