ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යසරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්‍ෂ 250ක කප්පම් මුදලක් ඉල්ලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට තර්ජනය කර තිබේ.
පෞද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්‍ෂවරයකු වන චින්තක මොහාන් පෙරේරා නමැති එම ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පසුගිය 27දා මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ. ඔහු ඒ පිළිබඳ ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දී ඇත.
නියෝජ්‍ය ඇමැතිවරයා තම ජංගම දුරකතනයට ඇමැතුමක් ලබාදී රුපියල් ලක්‍ෂ 250ක් සූදානම්කර තබා ගන්නා ලෙසත්, එම මුදල නොදුන්නොත් ජීවිතය පිළිබඳ තීන්දුවක් ගන්නා බවට තර්ජනය කළ බවත් ව්‍යාපාරිකයා ජනාධිපතිවරයාට කළ එම පැමිණිල්ලේ සඳහන්වේ.
තමන් මිලට ගත් මිනුවන්ගොඩ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් මෙම නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ කප්පම් ඉල්ලා සිටින බවද මේ නිසා බිරිය ඇතුළු දරුවන් භීතියට පත්ව සිටින බවද පවසන ව්‍යාපාරිකයා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරන ලෙසටයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
කප්පම් ඉල්ලා තර්ජනය කිරීමෙන් නොනැවතී එම කෝටිපති ව්‍යාපාරිකයා විසින් මිලදී ගත් ඉඩම ලියාපදිංචි නොකරන ලෙසට ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයටද සරණ ගුණවර්ධන අමාත්‍යවරයා බලපෑම් කර තිබේ.
සරණ ගුණවර්ධන අමාත්‍යවරයා මේ ආකාරයෙන් කප්පම් ලබා ගැනීමේ සිද්ධි රාශියකට චෝදනා ලැබ ඇතත් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැත.









Comments