| Article Index |
|---|
| දඟ පන්දුව දෙපිලටම අභියෝගයක් |
| Page 2 |
| All Pages |
ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ (27) දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ සුවිශේෂි පන්දු යැවීම හමුවේ අසීරු තත්වයකට පත් වූ එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 193 කට සීමාවිය.
එසේම ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් කඩුලූ 5 ක් දැවී ලකුණු 84 කට සීමා කිරීමට එංගලන්තය සමත් විය. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන ක්‍රීඩක ග්‍රැහැම් ස්වෝන්ගේ (24/4) පන්දු හමුවේ ලංකා පිල යම් අසීරුතාවයකට ලක්වීම දක්නට ලැබුණි. තවත් ලකුණු 100 පමණ ඉලක්කයක් පසු කිරීමට ලංකා පිල සමත් වුවහොත් එංගලන්තයට අභියෝගයක් එල්ල කළ හැකි යැයි ක්‍රිකට් විචාරකයින්ගේ අදහසයි. දැනට ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 209 ක් ඉදිරියෙන් සිටී. තරගයේ තෙවැනි දිනය අදයි.










