අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි මත් පැන් සඳහා වන බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික බීර ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 50 කින් ද, දේශීයව නිෂ්පාදිත බීර ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 05 කින් සහ සැර මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 60 න් ද ඉහළ නැංවූ බව මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශ්‍ය නිවේදනය කරයි.







