Latest news
A+ R A-

නව යුගයක් උදාකරන බවට සූ කී ගෙන් පොරොන්දුවක්

E-mail Print PDF

මියෙන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කි ඊයේ පැවති මැතිවරණයෙන් දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. අද (02 සඳුදා) දින උදෑසන යැන්ගොන් නගරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාවන ජාතික ලීගයේ මූලස්ථානයට පැමිණි ඇය ජනතාව විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී. 

මෙම ජයග්‍රහණය තමාගේ පමණක් නොව සමස්ත ජනතාවගේම ජයග්‍රහණයක් බව ඇය එහිදී රැස්ව සිටි දහස් ගණනක් ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පවසා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරට මැතිවරණ කොමිසම විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද ඇය ජයග්‍රහණය කර ඇති බවට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුම විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබිණි. එරට පාර්ලිමේන්තුවේ ආසන 45ක් වෙනුවෙන් මෙම මැතිවරණය පැවති අතර ඉන් ආසන 44කම බලය තමන් සතුවනු ඇතැයි ජාතික ලීගය බලාපොරොත්තු වෙයි.

එ‍හෙත් ජාතික ලීගය මෙවර මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කළද මිලිටරි ජුන්ටාවේ අනුග්‍රහය ලබන වෘත්තීය සංගම් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය එරට පාර්ලිමේන්තුවේ  වැඩි බලය අත්පත්කරගෙන ඇති බැවින් පාලනයේ වෙනසක් සිදුවීමට ඇති ඉඩ ඉතාම අල්ප බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

සූ කි ගේ ජාතික ලීග‍ය 1990දී ප්‍රථම වරට මැතිවරණයකට ඉදිරිපත් වීමෙන් අනතුරුව මැතිවරණයක් සඳහා ඉදිරිපත් වූයේ මෙවරය. 1990 මැතිවරණයෙන් ඇය ජයලැබූවද මිලිටරි ජුන්ටාව විසින් 2010 දක්වා ඇය නිවාස අඩස්සියේ රඳවනු ලැබිණි. මියෙන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා ගෙනගිය අරගලය වෙනුවෙන් ඇයට 1991දී නොබෙල් ත්‍යාගයද හිමිවිය. 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 121 guests online

Advertisment

advertisment