ෆෝක්ලන්ත යුද්ධයේ 30 වන සමරුව නිමිත්තෙන් එක්සත් ජනපදයට අයත් HSBC බැංකු ගොඩනැගිල්ලේ බ්‍රිතාන්‍යයට එරෙහි සටන්පාඨ පින්තාරු කරන විරෝධතාකරුවන් පිරිසක්.
ඊයේ (02 සඳුදා) බුවනෝස් අයර්ස් නගරයේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකින් අනතුරුව මෙලෙස බ්‍රිතාන්‍ය සමාගම් ගණනාවකම ඉදිරිපස ආජෙන්ටිනා ධජය සහ සටන්පාඨ සිතුවම් කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි.
1982 දී ආර්ජෙන්ටිනා හමුදාව විසින් ආර්ජෙන්ටිනාවට අයත් බව පැවසෙන ෆෝක්ලන්ත දූපත් අල්ලා ගන්නා ලද අතර එය සිය යටත් විජිතයක් අත්පත්කරගැනීමක් බව පැවසූ එක්සත් රාජධානිය විසින් ආජෙන්ටිනාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර එම භූමිය යළිත් අල්ලා ගන්නා ලදී. මේ හේතුවෙන්ආර්ජෙන්ටිනුවන් තුළ දැඩි බ්‍රිතාන්‍යය විරෝධයක් පවතින බව විචාරකයෝ පවසති.








