Latest news
A+ R A-

පොලීසියත් නොදන්නා “ආරක්ෂක අංශය“ හෙළි කිරීම මාධ්‍යයේ වගකීමයි - පුබුදු ජයගොඩ

E-mail Print PDF

 

කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගත්තේ එකම ස්ථානයකින් බව තමන් වෙත කී “ආරක්ෂක අංශ“ රට හමුවේ හෙළිදරව් කිරීම අදාළ මාධ්‍යයේ වගකීම බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පුබුදු  ජයගොඩ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව අප වෙත අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජයගොඩ මහතා, “කුමාර ගුණරත්නම් සහෝදරයා සහ දිමුතු ආටිගල සහෝදරිය පැහැරගත්තේ එක ස්ථානයකද, ස්ථාන දෙකක සිටද කියලා මාධ්‍ය වලින් සංවාදයක් හැදීමට උත්සාහ කරනවා. මාධ්‍ය පවසා තිබුණේ මේ පිළිබඳ ආරක්ෂක අංශ පැවසූ බවයි. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලීසිය එවැනි දෙයක් නොකී බව පවසනවා. එසේ නම් මේ ආරක්ෂ අංශ නමින් හදුන්වන්නේ කවරෙක්ද යන්න අපට ප්‍රශ්නයකි. එහෙමනම් ඔවුන් සුදුවෑන් වලින් පැහැර ගන්නා රජයට සම්බන්ධ සන්නද්ධ කල්ලි විය යුතුයි. මාධ්‍යවලට ඔවුන් සමග ගනුදෙනුවක් තිබෙනවා නම්, මාධ්‍ය ඔවුන් ගැන දන්නවා නම් වගකිවයුතු පුරවැසියන් ලෙස මාධ්‍යෙව්දීන් කළයුත්තේ ඒ කල්ලි ගැන අනාවරණය කිරීමයි. එසේ නොකිරීම සමාජ වගකීම පැහැර හැරීමකි. ඒ නිසා අපි එම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා තමන්ට තොරතුරු දුන් රජයේ ආරක්ෂක අංශ මොනවාදැයි හෙළිදරව් කරන ලෙස. “ යැයි පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “කුමාර් ගුණරත්නම් සහෝදරයාව ශාරීරිකව විනාශ කර ඔහු අපේ රටට කරන දේශපාලන දායකත්වය නැති කරන්න මුලින් සැලසුමක් තිබුණා. එව ව්‍යර්ථ වුනාට පසුව ඔහුට ලංකාවට එන්න ‍දෙන්නේ නැහැ කියලා ලංකාව තුළ ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්ව නැතිකරන්න උත්සාහ කළා. දැන් සමාජමය වශයෙන් ඔහුව විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත්වෙමින් පවතින බව අපට මේ මාධ්‍ය මෙහෙයුම් දකින විට හැගෙනවා. කොහොම වුණත් කුමාර් සහෝදරයාත් දිමුතු සහෝදරියත් ඇතුළු පක්ෂයේ සියලු සාමාජිකත්වයේ දායකත්වය ලබා ගෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරියට යාම කාටවත් වලක්වන්න බැහැ. මේ කුමන්ත්‍රණ වෙනුවෙන් සියලු ප්‍රතිගාමීත්වය අශුද්ධ සංධානයක් ගොඩ නගා තිබෙනවා. ඒ කුමන්ත්‍රණ ඉදිරියේදී තව තව අය අතිනුත් ඉදිරිපත් වේවි. මේ ගැන අවධානයෙන් සිට මේ දුෂ්ඨ ප්‍රයත්න පරාජය කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

Comments

 
0 # Hemantha 2012-04-14 01:37
Please translate the following article into Sinhala and publish it. Prof. Laksiri Fernando who is a strong supporter of the Rajapakse regime claims in this article that the 'security establishments' of the country have released Kumar and Dimuthu only after International Pressure. His might be a good evidence for government's connection with abductions because he is a close ally of the regime from the outset.

http://www.colombotelegraph.com/index.php/dr-dayan-jayatillake-may-be-the-next-victim-of-abduction/
Reply | Reply with quote | Quote
 
 
+2 # NALINDA 2012-04-14 02:09
api obath samagai samajawadayata jAYAWEWA
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

online

We have 65 guests online