මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් හි තිරුමුරුකණ්ඩි ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හමුදාව විසින් අත්පත් කරගෙන ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.
එම ප්‍රදේශයේ වාසය කළ පවුල් 119කට එම ප්‍රදේශයේ නැවත පදිංචි වීම සඳහා රජයේ හමුදාවන් විසින් තහනම් කර ඇති අතර එම ප්‍රදේශයේ පදිංචිව සිටි තවත් පවුල් 49ක ජනතාව තවමත් මැනික්ෆාම් අවතැන් කඳවුරෙහි රඳවා තිබේ.
ඒ අනුව A9 මාර්ගය අසල පිහිටි තිරුමුරුකණ්ඩි පුල්ලෙයාර් කෝවිලද එයට ආසන්න තිරුමුරුකණ්ඩි වැව ආශ්‍රිතව පිහිටා ඇති අක්කර 80ක පමණ ගොවිබිම්ද හමුදාව විසින් සිය පාලනයට නතුකරගෙන තිබේ. හමුදාව විසින් ජනතාවට ඇතුළු වීම තහනම් කර ඇති මෙම භූමියට තිරුමුරුකණ්ඩි තැපැල් කාර්යාලය, පොදු සුසාන භූමිය, සෞඛ්‍ය මධ්‍යස්ථානය, ග්‍රාමනිලධාරී කාර්යාලය සහ හින්දු කෝවිල් දෙකක්ද අයත් වන බව ඔවුහු පවසති.






