ඇමරිකානු අත්අඩංගුවේ පසුවන කියුබානුවන් 5 දෙනා නිදහස් කරගැනීම උදෙසා කෙරෙන අරගලයට ලෝ පුරා ප්‍රගතිශීලී ජනතාවගේ සහය හිමිවී තිබේ.
පසුගිය 20 වැනිදා එම අරගලයට සහය පළකිරීමට ඇමරිකානු ධනවාදයට එරෙහිව අරගල කරන Occupy Wall Street ක්‍රියාකාරිකයන්ද එක්විය. ඇමරිකානු ධවල මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලුනු ඔවුන් අත්අඩංගුවේ පසුවන කියුබානුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.
ඡායාරූපය ACN පුවත් සේවය ඇසුරෙනි.







