රටවල් 50කට වැඩි ගණනක සංවිධාන 135ක නියෝජිතයන් සම්බන්ධ කරගනිමින් මෙවර මැයිදිනය සැමරීමට කියුබාව සැරසෙයි. එම ඓතිහාසික මැයි දින සමරුව සඳහා සහභාගීවන ලෙස කියුබාවේ අසල්වැසි රටවල නියෝජිතයන් 200කට පමණද ආරාධනාකර ඇතැයි කියුබාව පවසයි.
කියුබානු කම්කරු සාමූහිකයේ ජාතික ලේකම් මණ්ඩල සාමාජික අර්මෙලා ගාර්ෂියා පවසන්නේ කියුබාවේ මැයිදින පෙළපාලියට මෙම විදේශ නියෝජිතයන්ද එක්වනු ඇති බවයි. එක්සත්බව, ආර්ථික අරගලය කාර්යක්ෂම කිරීම වැනි සටන්පාඨ මෙන්ම දැනට ඇමරිකාව විසින් අසාධාරණ ලෙස නොසලකාහැරීමට ලක්කර ඇති කියුබානුවන් 5 දෙනා පිළිබඳ සටන්පාඨයන්ද එම මැයි පෙළපාලියට එක්වනු ඇති බවද ගාර්ෂියා වැඩිදුරටත් පවසයි.
සිය වෘත්තීය සමිති නියෝජිතයන් පෙරටුකරගනිමින් ලක්ෂ 2කට වැඩි ස්වයං රැකියාවල නියුතු කියුබානුවන් පිරිසක්ද මෙවර මෙම ඓතිහාසික මැයිදින පෙළපාලියට එක්වීමට නියමිත බවද කියුබානු මාධ්‍ය අනාවරණය කරයි.








Comments