Latest news
A+ R A-

"ජීවාන් ගේ, විද්දෙ පඳුරට-වැදුනෙ හාවට"

E-mail Print PDF

ජීවාන් කුමාරණතුංග මහතා අද  ඇමතිවරයෙකු වුවද  රටම ඔහු හඳුනාගත්තේ බයිස්කෝප් නලුවෙකු ලෙසය.

 

තම බාප්පාගේ බිරිඳවූ චන්ද්‍රිකා මැතිනිය නිසා ඔහු බණ්ඩාරනායක පරපුරටද නෑකම් කියයි.

 

ආණ්ඩුවේ සිටින චන්ද්‍රිකා මැතිනියට පක්ෂපාතී ඇමතිවරු අතරින් එතුමා ප්‍රධාන පුද්ගලයෙකි.

එහෙත් හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමාවගේ හිතේ තියෙන දේශපාලන අදහස් උදහස් එළිපිට කියන්නේ නැත.

රංගනය හොඳට පුරුදු නිසා රාජපක්ෂවරුන්ට පණ දෙන්නට මෙන් ඇට් කොරන්නේය.

 

එවැනිම තවත් චන්ද්‍රිකා හිතවාදියෙකුවූ රෙජිනෝල්ඩ් කුරේ ඇමතිතුමා දේශපාලන රංගනයේදී රාජපක්ෂ විරෝධය පාලනය කරගත නොහැකිව ප්‍රසිද්ධියේ තැන නොතැනබලා දොඩවන නිසා පිටපතට අනුව පමණක් පාලනයක් සහිතව දෙබස් හැසිරවීම ඇතුලු රංගනය විධිමත්ව හුරුවීමට ටෙලි නාට්‍යවල රඟපාන්නට ඔහුට උපදෙස්දී ඇත්තේ ජීවන් ඇමතිතුමා බව මගේ සොයාබැලීම්වලදී හෙළිදරව් විය.

 කෙසේ හෝ  ආණ්ඩුව ඇතුලේ "චන්ද්‍රිකා භීතියක්" තිබුනත් එය අස්ථාන බියක් බව කිවයුතුය.

මේ වටාපිටාව හේතුවෙන් රාජපක්ෂවරුන්ගේ සැකයට භාජනය නොවී ඔවුන්ගේ හිත දිනාගැනීමට උපායක් සිතූ ජීවන් ඇමතිතුමාට තම වෘත්තීය පළපුරුද්ද වහා පිහිටට පැමිණියේය.

ඔහු නාටකයක් නැතහොත් නාඩගමක් ලිව්වේය. පිටපතට අනුව සියල්ල නූලට සැළසුම් කළේය.

වහාම ක්‍රියාවට නැඟීම හෙවත් රංගගතකළේය.

 

නාටකයේ නම, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මිස්ටර් චක්‍රවර්ති විසින් යෙදූ "කුමාර්-දිමුතු  සුන්දර පැහැරගැනීම හෙවත් හනිමූන් ඇබ්ඩක්ෂන්" වැනි නිර්මාණශීලී නමක්නොව පරණ පහේ කියමනක් උඩු යටිකුරු කර නොහොත් අග මුල මාරු කර හදාගත් නමකි.

ඒ තමයි "විද්දෙ පඳුරට වැදුනෙ හාවට" !

 ලංකාවේ කිසිදු මාධ්‍යවේදියකුට දේශපාලන නිරීක්ෂකයකුට හෝ වෙනත් කිසිදු කෙරුම්කාරයකුට මේ ජීවන් ඇමතිතුමාගේ නාඩගම හෙළිදරව් කිරීමට නොහැකි විය.

 

රාජපක්ෂලාගේ වෘෂණ කෝෂවල ශුක්‍රාණු නිපදවීමේ ශීඝ්‍රතාව හා අපිවෘෂණයේ ටෙස්ටොස්ටෙරෝන් සාන්ද්‍රණය සෙවීම හා මුට්ටියේ කිරි ඉතිරුවේද නැද්ද ආදී අදේශපාලනික බහුබූත දොඩවන වෙබ් අඩවියක වුවද ඉතා විචක්ෂණශීලීව ගවේෂණාත්මකව කුමාර්-දිමුතු නාටකය  පිළිබඳ හරවත් අදහස් දැක්වූ මිස්ටර් චක්‍රවර්තිටද ජීවන්ගේ නාටකය අහුවුනේ නැත.

 එමෙන්ම සියලු මාධ්‍යවල කුමාර්-දිමුතු නාටකය හෙළිදරව්කළ හැමෝම ජීවන් ඇමතිගේ නාටකයට රැවටුනි. නොරැවටුන එකම ජගතා මමයි.

ඒ රහස් නාඩගම හෙළිදරව් කිරීමට හැකිවීම ගැන පහළ බාලාංශයේ ලියන්නෙක් වශයෙන් මට නිහතමානී ආඩම්බරයක් ඇත.

නිහතමානීව ආඩම්බරවෙන්නේ කෙසේදැයි සිතීම ඔබට බාරය.

ජීවන් ඇමතිතුමාගේ මස්සිනා වූ සාගර සේනාරත්න මහතා සුදු වෑන්කාරයන් විසින් පැහැර ගන්නේ නුගේගොඩ ජුබිලිකණුව හංදිය ආසන්නයේදී බව මාධ්‍යවලට සාගර මහතා පවසයි. ඉන්පසු ඔහුගෙන් ලක්ෂ පන්සියයක් ඉල්ලා තර්ජනය කළ බවද පවසයි.

එය සත්‍යයක් ලෙස පිළිගත හැකිද?

 

යමෙක් තවෙකෙකු පැහැරගන්නේ පැහැරගැනීමට ලක්වන්නා පිළිබඳ ඉතා හොඳින් සොයා බැලීමෙන් පසුවය.

පාරේ යන අප්පුහාමි කෙනෙක් පැහැරගෙන උගෙන් ලක්ෂ පන්සියයක් ඉල්ලාවිද?

එසේනම් සුදු වෑන්කාරයෝ හොඳාකාරවම සාගර මහත්තයා කවුද?ආදායම් මාර්ග හා වත්කම් මොනවාද?යන්න දැනසිටිය යුතුමය.

කෙනෙකුගේ වත්කම් වැනි අතිශය පෞද්ගලික තොරතුරු දන්නා සුදු වෑන්කාරයෝ සාගර මහතාගේ අනෙක් වං හුං නොදැන සිටියාද?

සාගර යනු ජීවන් ඇමතිතුමාගේ මස්සිනා බව නොදැන සිටියේද?

ආණ්ඩු පක්ෂයේ හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙක් බව නොදැනසිටියේද? සාගර යනු ධනවත් මෙන්ම බලවත් පුද්ගලයෙක් බව නොදැනසිටියේද? එවැන්නෙක් පැහැරගත් වහාම ඔහුට සම්බන්ධ බල යාන්ත්‍රණය වහා සක්‍රිය වී ක්‍රියාවට එරෙහි ප්‍රතික්‍රියා දක්වන බව නොදනීද?

එසේනම් සාගර පැහැරගත් මොහොතේ සාගරගේ රියැදුරා අත්හැරදමා යාවිද? රියැදුරා ද පැහැරගැනීමට ලක්නොකළේ මන්ද?

පැහැරගත් ගොදුර අපේක්ෂිත ආරක්ෂක ස්ථානයකට රැගෙන යනතෙක් හෝ රියැදුරා රඳවා අත්අඩංගුවේ තබාගතයුතුය.

නැතිනම් මේ ඩයිවරයා ගම කන්නේය!

ඌ අඩිගාණක් දුරින් තියෙන මිරිහාන මූලස්ථාන පොලීසියට දුවන්නේය.

මිරිහාන පොලීසිය යනු පොලීසියේ ඉන්න හොඳම රජ වැඩකාරයෝ සේවය කරන අපරාධ මර්දනයේ විශේෂ බලකායක් ඉන්න පොලීසියකි.

 සුදුවෑන් එකට ඇඹුල්දෙණිය හංදියට යන්න කළින් මිරිහානෙන් වටකර කොටුකරගන්නේය.

ඒ අනුව සාගරලා ජීවන්ලා කියන මේ කතාවේ සැක ස්ථාන බොහෝ තිබෙන බව පෙනීයයි.

ප්‍රධාන සැකය මතුවෙන්නේ මේ රියදුරා තමාගේ අත ළඟ තිබූ මිරිහාන පොලීසියට දුවගොස් පැමිණිලි නොකර පළමුවෙන්ම ජීවන් ඇමතිතුමාට දුරකථන ඇමතුමක් දුන්නේ ඇයි ද යන්නය. එසේ පොලීසියට ගියානම් මේ නාඩගම ඇඹුල්දෙනියෙන් කෙළවර වෙන්නේය.

 

හොඳයි කෙසේ හෝ මේ සිද්ධිය සම්බන්ධව පොලීසියට පැමිණිළි කළාද? එසේනම් ඒ කුමන පොලීසියක කුමන දිනයේ කුමන වේලාවේදීද?

වඩාත් වැදගත් වන්නේ සිද්ධිය වූ මොහොතත් පැමිණිල්ල පොලිස්පොතේ ලියවුනු මොහොතත් අතර කාලපරාසය යි.

මාධ්‍යවල පොලීසියට පැමිණිලි කළ බව පළවුවත් ඒ වනවිට සාගර මහතා මුදාහැර අවසන්ය.

 කිඹුලන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන්පවා පෙනී සිටින ඩලස් ඇමතිතුමා, නොයෙල් මුදලිගේට අභියෝගකළා මෙන්  මං ජීවන් ඇමතිතුමාට අභියෝගකරන්නේ පුලුවන්නම් මගේ ප්‍රශ්නවලට පිලිතුරු දෙන ලෙසය.

 

තවත් ප්‍රධාන සැකයක් මතුවෙන්නේ මේ පැහැරගැනීම වෙන කිසිවකු හෝ නොදැකීමය.

ජුබිලි කණුව හංදිය වැනි ජනාකීර්ණ මංසන්ධියක සිදුවූ බව කියතත් රියැදුරා හැර මේක දැකපු බල්ලෙක්වත් නැත. ඇත්තටම මේවා පිළිගත හැකිද?

වීරවංශ ඇමතිතුමා විජිත හේරත් මන්ත්‍රීතුමාලා වැනි තික්ෂණ බුද්ධිමතුන් පවසන පරිදි පැහැරගැනීමක් සිදුවන සියලු අවස්ථාවන්හිදී එය වෙනත් කවරකු හෝ දකින්නට ඕනෑමය.

දැක්කෙ නැත්නම් කොහොමද කියන්නෙ පැහැරගත්ත කියල!

ඕනෑම කෛරාටියකුට කියන්න පුලුවන් මාව පැහැරගත්තෝ... පැහැරගත්තෝ... කියල.

 

දැන් කොහොමහරි ජීවන් ඇමතිතුමා නාටකයේ ඉතිරි කොටස අනුව කෙළින්ම කතා කරේ ජනාධිපතිතුමාටයි, ආරක්ෂක ලේකම්තුමාටයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ස්වල්ප මොහොතකින් සාගර මස්සිනා වත්තල පැත්තෙ බස්සල සුදු වෑන්එක ගියා.

නාටකයේ එම කොටසින් කියන්න උත්සාහ කළේ ජනයාගේ ජීවිත ආරක්ෂාව ජනයාගේ අධිපති ජනාධිපති විසින් සලසන බවයි.

ජීවන් ඇමතිගේ දුරකතන ඇමතුමත් සමගම රාජපක්ෂවරු වහාම ක්‍රියාත්මක වුනා.. බස්නාහිර පළාතම මාර්ග බාධක, මුර කපොලු දාල කොටුකරා... සුදු වෑන්කාරයො බයවුනා.. ගොදුර අත්හැරල පලා ගියා... නාටකයේ එන්ඩ් එක තමයි ප්‍රසිද්ධියේ රාජපක්ෂවරුන්ට සාගර මහතා විසින් ජනමාධ්‍ය ඔස්සේ ස්තූතිකිරීම. ඒකත් ලස්සනට කෙරුන.

 

දැන් මේ නාටකය හරිහැටි තේරුම්ගෙන රස විඳීමට නොදත් බහුතරයක් පිරිස කියන්නේ මේ සිද්ධියෙන් ඔප්පුවෙනවලු සුදු වෑන්වලින් පැහැරගැනීම් මෙහෙයවන්නෙ රාජපක්ෂල කියල!

යකෝ මුන්ගෙ කට කෑවට මදිනේ!

එහෙම ඔප්පුවෙනව නම් සැඟවී සිටින අපරාධකරුවෙකු අත්අඩංගුවට ගන්නා රහස් පරීක්ෂකයකුට මුං කියාවි අපරාධකරුව මෙහෙයවෙව්වෙ රහස් පරීක්ෂකය කියල.

ප්‍රභාකරන් අල්ලල මරපු නිසා කියාවි ප්‍රභා ඉන්න තැන හරියටම දැනගෙන හිටියෙ ප්‍රභාගෙයි රාජපක්ෂලගෙයි පරණ හෝ යාලුකමක් තිබුන කියල.

කේපී ආරක්ෂා කොරන්නෙත් ඒක නිසා කියල!

 

මෙන්න මේ විධියට රාජපක්ෂවරු පුම්බල එක දාගන්න ගිය ජීවන් ඇමතිට වුනේ වඳින්න ගිය දේවාලෙ ඉහමත කඩාවැටීම!

ඒ නාටකයට ගැලපෙන නම "විද්දෙ පඳුරට-වැදුනෙ හාවට"!

හොඳයි ජීවාන්ගෙ උවමනාවට රාජපක්ෂලගෙ අනුග්‍රහයෙන් හදපු ඒ ඔක්කොම නාටකයක් යැයි පිළිගනිමුකො!

එතකොට අර සුදු වෑන් එකේ ආපු එවුන් ජීවන් ඇමතිතුමාගෙ මිනිස්සුද? රාජපක්ෂලගෙ මිනිස්සුද?

දීපංකො උත්තර !!!

 

Comments

 
0 # BANDARA 2012-04-29 02:47
පහත දැක්වෙන්නේ සාගර සේනාරත්න පැහැර ගත්තේ කවුද ? හෙළිදරව්වයි !! මැයෙන් 28 March 2012 දින  yukthiya .com වෙබ් අඩවියේ  පළවු ලිපියේ කො ටසකි.......


......."මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙනස්ම ආකාරයේ හෙළිදරව්වක් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය මගින් මෙහෙයවන srilankaxnews වෙබ් අඩවිය විසින් පළකොට තිබුණි.

ඔහු සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගොස් බිය වද්දා ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ අවන්හලක පැවති මධුසාද උත්වයකට සහභාගී වී එන අතරය. මේ මධුවිත සංග්‍රහය අතරතුර සාගර සේනාරත්න මහතා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරීත්වය තදබල ලෙස විවේචනය කර ඇත.

ඔහු එලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කරමින් සිටින බව එම අවන්හලේ සේවය කරමින් සිටි විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සඟයා දන්වා තිබේ. විමල් වීරවංශ අමාත්‍යවරයා එවිට තම හිතවත් සඟයාගේ තොරතුර ආරක්ෂක ලේකම්වරයාට දන්වා ඇති අතර ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා වීරවංශ අමාත්‍යවරයාගේ දුරකතනයට සම්බන්ධ වූ ඔහුගේ හිතවතාගේ දුරකතන නාදය හරහා සාගරගේ දෝස්මුරය අසා ඇත. එසේ සිදුවී පැය එකහමාරක් යන්නට මත්තෙන් සාගර රත්නායක පැහැරගෙන ගියේය. මුලදී රාජපක්ෂලාට එරෙහි වූ අයට විරුද්ධව ක්‍රියාත්මක වූ සුදු වෑන් භීතකාව දැන් බොහෝකලක සිට රාජපක්ෂලාගේම සඟයන්ටම ක්‍රියාවට නැගේ.

අවසන් විග්‍රහයේදී පැහැර ගැනීමට සම්බන්ධ ආරක්ෂක බලධාරියා කවුරුන්ද යන්න තේරුම් ගැනීම ඉතා පහසුය."

සබැදි මූලාශ

http://www.srilankaxnews.com/2012/03/blog-post_7149.html
http://www.divaina.com/2012/03/28/news06.html
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

Advertisment

advertisment