පාකිස්තානයේ පෙෂාවර් සරසවියේ ඉංග්‍රීසි අංශය විසින් දර්ශනපති සහ ගෞරව උපාධි සඳහා සල්මන් රුෂ්ඩිගේ Midnight's Children සහ Shame යන කෘතීන් යුගල නිර්දේශ කිරීමට එරෙහිව එම සරසවියේ සිසුන් හා ආචාර්යවරුන් විසින් විරෝධය පළකරන බව වාර්තා වේ.
සල්මන් රුෂ්ඩි සිය ආගමට අපහාස කරන්නෙකු ලෙස පෙන්වාදෙන අන්තවාදී කණ්ඩායම් පවසන්නේ මෙයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විය යුතු බවයි.
පසුගියදා එරට පාසල් පෙළ පොත්වල අඩංගු කරුණු සංශෝධනය ඇතැම් පළාත් ආණ්ඩු කටයුතු කළද එයද අන්තවාදීන්ගේ විරෝධතා හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.








