පසුගිය 28 දා මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පැවති උද්ඝෝෂණයකදී කැරලි මර්දන පොලීසියෙන් එල්ල කළ කඳුළු ගෑස් උණ්ඩයක් යළි ඔවුන් වෙත පිරිනැමීමට ඉදිරිපත් වූ තරුණයෙක්.
මැලේසියාවේ නිදහස් සහ සාධරණ මැතිවරණයක් වෙනුවෙන් අරගල කරන ''BERSIH'' නැමැති මැතිවරණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනීසිටින සන්ධානයේ ආධාරකරුවන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
ඡායාරූපය - නාජුවා සුල්කෙෆ්ලි/ සුමා පුවත්සේවය







