ආනයනික කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 92ක් හෝ 15%ක බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ. මෙය ළදරු කිරිපිටිවලට බලනොපාන බව මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශ්‍ය නිවේදනය කරයි.
මෙම බදු පැනවීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50කට ආසන්න මුදලකින් ඉහළ නගිනු ඇත.
මේ අතර කිරිපිටි සමාගම්ද මිල ඉහළ දැමිය යුතු බවට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තාවේ.
කෙසේ වෙතත් රජය පවසන්නේ දියර කිරි නිෂ්පාදන දිරිමත් කිරීමේ අරමුණින් මෙම බදු පැනවීම සිදු කළ බවයි.






