ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයෙන්ද ජය තහවුරු කරගැනීමට සමාජවාදී පක්ෂයේ අපේක්ෂක ෆ්‍රැන්කොයිස් හොලන්ඩේ සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිටපු ජනාධිපති දක්ෂිණාංශික අපේක්ෂක නිකොලොස් සාර්කෝසිට මෙහිදී ලබාගත හැකිවූයේ ප්‍රකාශිත ඡන්දවලින් 48%ක ප්‍රතිශතයක් වූ අතර හොලන්ඩේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 52%ක් හිමිකරගැනීමට සමත්විය.
මෙම මැතිවරණ ප්‍රතිඵලය යුරෝපයට පමණක් නොව මුළු ලෝකයටම බලපානු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති. රාජ්‍ය ණය ගණුදෙනු සම්බන්ධයෙන් යළි සළකා බලන බවට හොලන්ඩේ දුන් පොරොන්දුව කෙරෙහි ප්‍රංශ ඡන්ද දායකයන් වැඩි විශ්වාසයක් තබා ඇතැයිද ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දෙති. එමෙන්ම වසරකට යුරෝ මිලියනයකට වැඩි ආදායමක් ලබන ආයතනයන්ගෙන් පමණක් බදු වැඩිකරන බවට ඔහු ප්‍රංශ ජනතාව හමුවේ පොරොන්දු වී තිබිණි.
එමෙන්ම ප්‍රංශයේ ගුරුවරුන් ඇතුළු සේවකයන්ගේ අවම වැටුප ඉහළ දැමීමටද විරැකියාවට පිළියමක් ලෙස විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 62 සිට 60 දක්වා අඩුකිරීමටද හොලන්ඩේ අපේක්ෂා කරයි.
සිය ජයග්‍රහණයෙන් අනතුරුව හොලන්ඩේ විසින් ප්‍රංශ දේශපාලනයේ ඓතිහාසික ස්ථානයක් ලෙස සැළකෙන බැස්ටීලය අසලදී සිය ආධාරකරුවන් හමුවූ බවද වාර්තා වේ.











Comments