A+ R A-

Google වෙතින් රියදුරන් නැති රථයක්

E-mail Print PDF

රියදුරන් නොමැති වාහන තවදුරටත් ත්‍රාසජනක කල්පිත චිත්‍රපට ජවනිකාවන්ට සීමා වූ යුගය අවසන් වෙමින් තිබේ. ඒ ඊයේ (08) දිනයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හිදී රියදුරන් නොමැතිව ධාවනය කෙරෙන මෝටර් රථයක් සඳහා අනුමැතිය හිමිවීම හේතුවෙනි.

මෙලෙස පළමුවරට ස්වයං ධාවක වාහන බලපත්‍රයක් (self-driven vehicle licence) හිමිව ඇත්තේ ලෝක ප්‍රකට ගූගල් (Google) සමාගම විසින් නවීකරණය කරන ලද ටොයෝටා ප්‍රියුස් (Toyota Prius) මෝටර් රථයකටය.  

මෙම මෝටර් රථයේ වහලයේ සවිකර ඇති වීඩියෝ කැමරා, රේඩාර් සංවේදක සහ ලේසර් කලාප හඳුනාගන්නා උපකරණයන්ගේ 

ආධාරයෙන් වාහන තදබදයන් පිළිබඳ තොරතුරු 'දැකබලාගැනීමට' හැකිවේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ගූගල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවෙකු වන සෙබස්තියන් ත්රුන් පවසන්නේ මෙම රථය 

කැලිෆෝර්නියාවේදී ද අත්හදා බැලූ බවයි. පරික්ෂණ ධාවනයන්හිදී හදිසියේ රථය මෘදුකාංග පාලනයෙන් මිදුනහොත් එය පාලනය කිරීම සඳහා පුහුණු රියදුරන්ද යොදවා තිබුණද කිසිදු අනතුරකින් තොරව සැතපුම් 1,40,000ක් ධාවනය කිරීමට එය සමත් වූ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී.

නෙවාඩාහි රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බෲස් බ්‍රෙස්ලොව් පවසන්නේ අනාගත මෝටර් රථ රියදුරන් නොමැති මෝටර් රථ බවට පත්වනු ඇති බවයි. පසුගිය මාර්තුවේදී නෙවාඩා බලධාරීන් විසින් එරට රථවාහන නීති වෙනස් කරමින් රියදුරන් රහිත මෝටර් රථ සඳහා අවසර ලබාදී තිබිණි.

එමෙන්ම කැලිෆෝර්නියා ප්‍රාන්තය ඇතුළු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක්ම රියදුරන් රහිත මෝටර් රථ සඳහා අනුමැතිය ලබාදීමට සැළසුම් කරමින් සිටින බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කැලිෆෝර්නියානු සෙනට් සභි‍කයෙකු පවසා ඇත්තේ බොහෝ රිය අනතුරු සිදු වී ඇත්තේ රියදුරන්ගේ වැරදි ‍හේතුවෙන් බවයි.

කෙසේවුවද මෙම පුවතත් සමඟින් තවත් බොහෝ රථවාහන නිෂ්පාදකයන් සිය 'රියදුරන් රහිත' ‍වාහන නිර්මාණ ලියාපදිංචි කරවීම සඳහා උත්සුක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

Advertisment

advertisment