Latest news
A+ R A-

කබ්රාල්ටත් පිළිගන්න සිදුවූ ආර්ථික අර්බුදයේ තරම!

E-mail Print PDF

 

වෙනදාට රටේ ආර්ථික වර්ධනය ගැන සුරංගනා කතා මවා පාන මහ බැංකු අධිපතිවරයා ඊයේ (08) දිනයේදී ප්‍රථම වතාවට රට වැටී ඇති බරපතළ ආර්ථික අර්බුදය පිළිබඳ තොරතුරු කිහිපයක් මාධ්‍ය හමුවේ අනාවරණය කරනු ලැබීය.

මෙම වසරේ පළමු කාර්තුව වන විටම රටේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසරට සාපේක්ෂව ඒකක 1.1කින් පහත වැටී (8.3%සිට 7.2%දක්වා) ඇති බවත්, වසර අවසන්වන විට එය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් ඔහු අනතුරු ඇගවීය. ලෝක ආර්ථික අර්බුදය යථා තත්වයට පත්වීම මන්ධගාමීව සිදුවීමත් මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින අවනිශ්චිතතාවයත් මීට හේතුවී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

එමෙන්ම උද්ධමනය 7%දක්වා ඉහළ ගොස් ඇති බවත්, වසර අවසාන වන විට උද්ධමනය තවත් වැඩි වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

පසුගිය පෙබරවාරි මාසය වන විට ආනයන වියදම් ඩොලර් බිලියන 5.2 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කළ කබ්රාල් මහතා ඊට පිළියම් වශයෙන්  රජය ආනයන සීමා කිරීමට තීරණයක්' ගෙන ඇති බව ද පැවසීය. ඒ අනුව මෙම වර්ෂයේ සියලු විදෙස් ආනයන ඇමරිකන් ඩොලර් බිලියන 20.9කට සීමා කර තිබේ.

මෙම දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී කුමන කොන්දේසි යටතේ වුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට සිදුවන බවත්, එසේ නොමැතිව රටේ සමස්ත ආර්ථිකය තුලනය කළ නොහැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

වත්මන් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රථිපත්ති තුළ දේශප්‍රේමයේ, සිංහල ජාතිවාදයේ, ආශ්චර්යයේ සෙප්පඩ විජ්ජාවලට යා හැකි දුරේ අවසානය මේවන විට සනිටුහන් කර ඇති බව මහ බැංකු අධිපතිවරයා අප හමුවේ නොකියා කියන කතාවයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩ ආ නොහැකි ලෙස අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයේ කරවටක් ගිලී ඇති බව මහ බැංකු අධිපතිවරයාම පිළි ගනී. නමුත් අවාසනාවකට මෙම සත්‍ය සමාජගත කිරීමට සමත් වාමාංශික හෝ වෙනත් කිසිදු බලවේගයක් රටතුළ ගොඩ නැගී නොමැත. එබැවින් හෙට දිනයේදීද ආර්ථික විද්‍යා සූත්‍ර කිහිපයකින් ජන මනස වෙනස් කිරීමට අජිත් නිවාඩ් කබ්රාල්ට හැකිවෙනු ඇත. 

Comments

 
0 # Nangi baba 2012-05-09 23:49
Ane paw.. lanka ithihaasaye rajayata prasiddiye kade giyapu kabral.... pilikaawak thiyana mahindage eta iruwata hodama wede.... igenagena hodata inna thibba eka.....
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 104 guests online