ප්‍රවාහන දීමනා ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඉදිරි දින දෙක තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට වතීරණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අදාළ ගැටලුවලට විසදුම් ලාදීම සඳහා බලධාරීන්ට දින 10ක කාලය් ලබා දුන් අතර මේවන විට ඉන් දින 09ක් ගතවී ඇතත් ගැටලුව විසදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති වීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අනිවාර්යයෙන්ම එළැඹෙන බව එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
ප්‍රවාහන දීමනා ලබා නොදීම හේතුවෙන් වෛද්‍යවරුන්ට සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යා නොහැකි තරමේ අර්බුදයකට පත්ව ඇති බැවින් 2008 වර්ෂයේ රජය ලබාීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රුපියල් 29,000ක ප්‍රවාහන දීමනාව හෝ ලබා දීමට බලධාරීන් කටයුතු කළ යුතු බව හෙතෙම පැවසීය.








