මහත් ආන්දෝලනයකට තුඩු දුන් 2011 උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් විභාගයේ තීන්දුව එළඹෙන ජුනි මස 30 වැනිදාට ප්‍රථම නිකුත් කරන බවට විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශකර තිබේ.
එම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් සිසුන් 16 දෙනෙකු සහ ලංකා ගුරු සංගමය විසින් මෙම පෙත්සම් ගොනුකර තිබිණි. අදාල විභාගයේ අවසන් ප්‍රතිඵල අවලංගු කර බලරහිත කරන ලෙස මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබිණි.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග සහ කේ. ශ්‍රී පවන් යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්විණි.
එම විභාගයේ බොහෝ අඩුපාඩු ඇති බවත් එය රසායන විද්‍යා ප්‍රශ්නපත්‍රයෙන් පෙනීයන බවත්, අදාල විභාගයේ ප්‍රතිඵල නව ක්‍රමයකට නිකුත් කරන බව විභාග අපේක්ෂකයන්ට පෙර දැනුම්දීමක් නොකිරීම බරපතළ වරදක් බවද මෙහිදී විනිසුරුවරුන් විසින් පෙන්වා දී තිබේ.
අද (10 බ්‍රහස්පතින්දා) දිනයේ පෙත්සම් විභාගය අවසන් කළ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාල ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා මැයි 28 දින දක්වා කල් ලබාදුන් අතර ජුනි 30 දින හෝ එයට පෙර ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කරන බවද ප්‍රකාශ කරන ලදී.







