A+ R A-

ප්‍රායෝගික පරීක්ෂණ ඉවත් කිරීමට එරෙහිව සෞන්දර්ය සිසුහු විදි බසිති

E-mail Print PDF

 

සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදි ප්‍රායෝගික පරීක්ෂණය නොපැවැත්වීමට සහ සෞන්දර්ය විෂය කප්පාදු කිරීමට, ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට, සිසුන්ට පනවා ඇති අසාධාරණ පංති තහනමට, නේවාසිකාගාර ගැටලු නොවිසඳීමට විරෝධය පල කරමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුහූ ඊයේ(10) උද්ඝෝෂණයක නිරත වූහ.

විරෝධතා පෙළපාලියකින් වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිටට පැමිණි සිසුහූ එහිදී විරෝධය දැක්වූහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ, විශ්වවිද්‍යාල සිසුන් සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව අත්තනෝමතිකව ගත් මෙම තීරණය වහාම හකුළා ගන්නා ලෙසත් එසේ නොකළහොත් අඛංඩව අරගල කරන බවද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සාගර මධුසංඛ මහතා පැවසීය.  

මෙහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවසුවේ, මේ පිළිබඳව අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරිමට අවස්ථාවක් ඉල්ලා සිටි බවත්, එහෙත් බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූ  බවත්ය.සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදි ප්‍රායෝගික පරීක්ෂණ අත්‍යාවශ්‍ය බවත් එය ලබා නොදීමට ගත් තීරණය වෙනස් කරන තුරු තමන් විරෝධතා දක්වන බවත් සංජීව බණ්ඩාර මහතා සදහන් කළේය.ගැටළුවට ඉක්මන් විසඳුමක් නොලැබුණහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීමට සෞන්දර්ය විශ්වවිද්‍යාල සිසුන්ට සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසිය.

Comments  

 
0 # nimsara 2012-05-13 03:39
Apith oba samagai sahodara varuni.apith obata sahaya wannemu.
Reply | Reply with quote | Quote
 

Photos

Loading script and Flickr images