නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවකට අනුව තමාරා කුනනායගම් මහත්මිය, එක්‌සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සංවිධානයේ සභාපතිනිය ලෙස ඒකමතිකව පත්වී ඇතැයි වාර්තාවේ.
එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාපතිනී නවිපිල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජිනීවාහි පැවැති මෙම සමුළුවේදී අප්‍රිකානු රටවල සහයද ඇයට ලැබී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතුකළ ඇය එම තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව කියුබාවේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් වැඩ බාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇතැයි ද තානාපති ආරංචි කියයි. තමාට වෙනිසියුලාවේ කාරකස් හි අලුතින් ඇරැඹෙන නව ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ තානාපතිධූරය දෙන ලෙසට ඇය රජයෙන් ඉල්ලා ඇතත් ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කැර ඇතැයි දැනගන්නට තිබේ.







