Latest news
A+ R A-

හමුදා වෙඩි පහරට ලක්වූ දරුවා මරුට

E-mail Print PDF

මුලතිව් විශ්වමඩු කුමාරස්වාමිපුරම් ප්‍රදේශයේදී හමුදාවේ වෙසක් සැරසිළිවලට හානි කළ ගවයෙක් නිසා කුපිතවූ හමුදා සෙබලුන්ගේ වෙඩිතැබීමෙන් බරපතළ තුවාළ ලැබූ දරුවා ඊයේ (11 සිකුරාදා) මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

එම ගව රංචුව බලාගත් එස්. ක්‍රිෂ්ණකුමාර් නැමැති 17 හැවිරිදි දරුවෙක් පසුගිය මැයි 07 වැනිදා මෙලෙස හමුදා වෙඩි ප්‍රහාරයට ලක්වී තිබිණි. ඉන් බරපතළ තුවාළ ලැබූ ඔහු අනුරාධපුර මහරෝහලට ඇතුළත් කර තිබිණි.

ඒ අතර මේ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා එම ස්ථානයට ගිය පොලීසියට හමුදා කඳවුරේ නිලධාරීන් විසින් මෙය හමුදා වෙඩිතැබීමක් බැවින් හමුදා අධිකරණය මගින් විසඳිය යුතු බව පවසා පරීක්ෂණවලට සහය දීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.

එහෙත් පසුව පොලීසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඒ අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිටි කෝප්‍රල්වරයෙකු සහ සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති අතර ඔවුන්ගේ ආයුධ පොලිස් භාරයට පත්කරන ලෙසද ප්‍රදේශය භාර හමුදා නිලධාරියාට නියෝග කර තිබේ.

එහෙත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල සැකකරුවන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර ඇතැයිද වාර්තා වේ. 

ආශ්‍රිත පුවත්

 

හමුදාවේ වෙසක් සැරසිලිවලට ගවයෙකු හානි කළැයි ළමයෙකුට වෙඩි තියලා

Comments

 
0 # Indunil Kankanamghe 2012-05-13 10:48
වෙඩිපහරට ලක්ව මියගොස් ඇත්තේ දෙමළ ජාතික දරුවකු බැවින් සිංහල අප කලබල විය යුතු නැත. මක්නිසාද යත් මේ සිංහල බෞද්ධ අපගේ රට වන බැවිනි. මෙහි වසන අනෙක් සිංහල නොවන සියළු දෙනාට ඕනෑම දෙයක් කිරීමේ අයිතිය අප විසින් රාජපක්ෂ පවුලට පවරා ඇති අතර රාජපක්ෂ පවුල් ආණ්ඩුව ඔවුන්ගේ අසීමිත බලයෙන් කොටසක් හමුදාවට හා පොලීසියට පවරා ඇති බැවින් මෙලෙස සිංහල නොවන එකකු දෙන්නකු මරා දැම්මාට කිසිම හානියක් සිංහල බෞද්ධ අපට සිදු නොවන බැවිනි.
Reply | Reply with quote | Quote
 
 
0 # Samadhi 2012-05-13 11:49
Coming colours not so good. After shooting civilian Army refuse to surrender SL Courts. They say it should go through Court Martial. What will be tomorow ???????????????????
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 73 guests online

Advertisment

advertisment