සිය කෙසෙල් අස්වැන්න විකුණා ගත නොහැකි වීම පිළිබඳව විරෝධය පළකරමින් ඇඹිලිපිටිය, බරවාකුඹුක, රඹකැන්පුර ප්‍රදේශයේ ගොවි ජනතාව ඊයේ (12 සෙනසුරාදා) වීදී බැස විරෝධතාවයක නියැලුනු බව වාර්තා වේ.
මේ වනවිට කෙසෙල්කැනක මිල රුපියල් 15ත් 20ත් දක්වා පහත වැටී ඇති බව පවසන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියලකටත් වඩා අඩු වී ඇති බවයි.
ඊයේ දහවල් පැවති මෙම විරෝධතාවයට කෙසෙල් ගොවීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගී විය.







