නඩු භාණ්ඩ වංචා කිරීමේ චෝදනා මත පොලිස් ස්ථානාධිපතිවරයෙකු මැයි මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගත කර ඇතැයි වාර්තා වේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් රත්නායක මහතාය.
නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ගව රංචුවකින් වැඩුනු ගවයන් තිදෙනෙකු වෙනුවට වසු පැටවුන් තිදෙනෙකු උසාවියට ඉදිරිපත් කළ බවට ඔහුට එරෙහිව චෝදනා නැගී තිබිණි. මේ සඳහා ඔහු ගවයන් හිමිකරුගෙන් රුපියල් පනස්දහසක අල්ලසක් ගෙන ඇති බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් අදාල ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.









Comments