මයික්‍රෝ කාර් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන කුඩා ප‍්‍රමාණයේ කාර් සහ ජීප් රථ ඉන්දියානු වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එම සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ඊට අදාළ වන ලෙස සිය පොල්ගහවෙල කර්මාන්ත ශාලාව පරිගණක ගත කර ඇති අතර නව ආයෝජනයන් මගින් සංවර්ධනය කරනු ලැබ ඇති බවයි.
එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව මසකට වාහන 300සිට 1200ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව පවතින බවද ඔහු සඳහන් කරයි.







