පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ගතවී අවුරුදු 130ක් ගතවන මේ මොහොත වන විට තවමත් මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු නොවී තිබෙන්නේ එක් පුරා විද්‍යා ස්මාරකයක් පමණක් බව පුරා විද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
අනුරාධපුර දැඩිගම ප්‍රෙද්ශයේ මහා පරාක්‍රම බාහු රජතුමා විසින් ඉදිකර ඇති මෙම ස්මාරකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරනු ලබයි. වර්තමානය වන විට ලංකාවේ පුරා වස්තූන් සහිත ස්ථාන 275,000ක් පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මෙම ප්‍රමාණයෙන් ස්ථාන 14,000කට ආසන්න ප්‍රමාණයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිරීක්ෂණය කරනු ලබයි.
කෙසේ වෙතත් වර්තමානය වන විට ලංකාව පුරා පිහිටි පුරා වස්තු ඇති ස්ථාන සෑම එකක්ම මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවී තිබේ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. දිනෙන් දිනම ඉහළ යන පුරා වස්තු විනාශ කිරීම අවම කිරීම සදහා නීති පමණක් දැඩි කිරීමෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් නොමැති බව ඒ මහතා පෙන්වා දෙයි.
පුරා විද්‍යා ස්ථාන ලෙස නම්කර නොමැති පුරා වස්තූන් තිබෙන ස්ථානවල අයිතිය තිබෙන්නේත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බව ප්‍රකාශ කරන ඒ මහතා, රටේ කිසිම පුද්ගලයෙකුට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය නොමැතිව පුරා විද්‍යා භූමි වල කැනීම් කළ නොහැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.









Comments