ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද උදෑසන අරගලියගහ මන්දිරයේදී සිදුව තිබේ. එම හමුවේදී සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පැවසීය.
එහිදී ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට අදාළව පැන නැගී ඇති සුළු ගැටලු කිහිපයක් නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් එම ගැටලු නිරාකරණය කර මෙම සතිය තුළදී ෆොන්සේකා මහතා නිදහස් කර ගත හැකිවෙනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් ලංකාවිව්ස් වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි. නිදහස් කළ පසු දේශපාලනය නොකිරීමද ඊට අයත් බව ඔහු පැවසීය.
කෙසේ වෙතත් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල හමුවේදී සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුවෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.







