ග‍්‍රීක නාට්‍ය ඉතිහාසයේ ඇති උසස්තම නාට්‍යත‍්‍රිකය (TRILOGY)වන ග‍්‍රීක මහා නාට්‍යකරු ඊස්කිලස්ගේ ඔරෙස්ටියානු ත‍්‍රිකයේ තෙවැනි නාට්‍ය වු ඉයුමනයිඩ්ස් හෙවත් ‘‘අකාරුණික දූතිකාවෝ ’’නම් නාට්‍ය ඉයුමනයිඞ්ස් ලෙස නිර්මාණය වී ඇත.
මානවයා ම්ලේච්ඡත්වයේ සිට ශිෂ්ඨාචාරවත් සත්ත්වයෙකු බවට පත්වු අයුරු පහදා දෙන මෙහි පලියට පලිය ගැනීම නිවැරදිය, සාධාරණ වන්නේ ශක්තියයි යන්න ඇදහූ යුගය පසුකොට දෙවියන් විසින් අනුදැන වදාල මිනිස් නීතියක් මගින් සමාජයට සාමය හා ශාන්තිය ලබාදෙන යුගයකට එලඹිමේ ක‍්‍රියාවලිය පෙන්වා දේ. වියවුල රජකල දුර්දාන්ත පාලකයන්ගේ අනසක පැවති යුගයක සිට පිළිවෙල සංවිධිත බව හා පොදු ජන කැමත්ත මත ක‍්‍රියාත්මක වන සමෘද්ධිමත් පාලනයක වැදගත්කම හඩගා කියන නාට්‍යයකි මෙය.
නිර්මාණය :
මෙම නාට්‍ය පරිවර්තනය කර තිබෙන්නනේ සම්මානනීය කවියෙකු වුද පරිවර්තකයෙකු වුද ආරියවංශ රණවීර නම් ප‍්‍රවීන සාහිත්‍යකරුවායි. නාට්‍ය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ දැනට සවුත්ලන්ඩිස් විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විෂය උගන්වනු ලබන රණසිංහ අධිකාරි ය.
රඟදැක්වීම :
2012මැයි මස 26වන සෙනසුරාදා ලූම්බිණි රඟහලේදී ප.ව. 6.30ඉයුමනයිඞ්ස් වේදිකාගත වීමට නියමිතය.
ප‍්‍රවීන රංගාලෝක ශිල්පී වසන්ත කුමාර රංගාලෝකයෙන්ද, සංජීවන් ගුණතිලක සංගීතයෙන්ද, සරත් වීරසිංහ අංග රචනය, ඇදුම් නිර්මාණය සහ වේදිකා පසුතල නිර්මාණයෙන්ද රේණුකා වන්නිආරච්චි, තරංග ජයවර්ධන, ගිහාන් කාවින්ද වේදිකා පාලනයෙන්ද මෙයට දායක වී ඇත.











