ශ්‍රී ලාංකිකයින් 91% ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ අනුමත කරන බව අමෙරිකානු ජනමත විමසුම් සමාගමක් වන Gallup සමාගම පවසයි. එම සමාගම විසින් ආසියාවට අදාළව කරන ලද නවතම ජනමත විමසුමේදී මේ බව අනාවරණය වී තිබේ.
ලාංකිකයන් 6% ක පිරිසක් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත නොකරන බවත්,තවත් 3% ක පිරිසක් ඒ පිළිබඳ සිය කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කර නොමැති බවත් Gallup සමාගම ප්‍රකාශ කරයි.
මෙම සමීක්ෂණයට අනුව ආසියානු රටවල ජන නායකයින්ගෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ලාඕසයේ චොම්මාලි සෙයිග්නසන් වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ කාම්බෝජියාවේ හුන්සෙන්ය.
ඉන්දියාව,ජපානය ආදී රටවල් ගණනාවක් පරයමින් එම ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.









Comments