පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රියාකාරික රොහාන් අබේසිරි මහතාට ජනතා විමුක්ති පෙරමුණේ මැර කණ්ඩායමක් විසින් සූරිය වැව ප්‍රදේශයේදී පහරදී ඇති බව සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි.
මාධ්‍ය ඒකකය පවසන ආකාරයට, අද පස්වරුවේ රොහාන් අබේසිරි මහතා පාක්ෂිකයකුගේ නිවසට යතුරුපැදියෙන් යමින් සිටියදී වෑන් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි එම මැර කණ්ඩායම ඔහු ලුහුබැදවිත් කොන්ක්‍රීට් කැබැල්ලකින් ඔහුගේ හිසට පහරදී තිබේ. අනතුරුව රොහාන් මහතා මැර පිරිසෙන් බේරීමට මාර්ගය අසල නිවසකට ඇතුළුවී ඇති අතර එම නිවසටද පැමිණ ඇති මැරයින් ඔහුට පහරදීමට උත්සාහ දරා තිබේ. එහිදී ගම්වැසියන් පැමිණ මැර පිරිස විසුරුවා හැර ඇත.
මෙලෙස පහරදීමට පැමිණ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්වන නවදගස්වැව සුනිල් නොහොත් සුද්දා, නවදගස්වැව ජයන්ත, වීරකැටියේ අනුරාධ සහ අම්බලන්තොට මංගල යන අය සහ තවත් දෙදෙනෙකු බව ගම්වැසියන් විසින් හදුනාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසියට පැමිණිලි කොට ඇත.
මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනතා විමුක්ති පෙරමුණේ මැර කණ්ඩායම් විසින් සිය පක්ෂයේ සාමාජිකයන්ට පහරදුන් බවත් ජනතා විමුක්ති පෙරමුණ වර්තමානය වන විට පත්ත්ව ඇති ඛේදජනක තත්ත්වය එම ප්‍රහාරයන් හරහා මනාව පිළිඹිබු කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයකු පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ තුළ සිදුවූ මතවාදී අරගලයේදී ඊට මතවාදී තලයේදී මුහුණදීමට නොහැකිවූ ජ.වි.පෙ. නිලධාරිවාදී නායක පිරිස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජයග්‍රහණයන් ඉදිරියේ වියරුවැටී ඊට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සිය සාමාජිකයින් පොළඹවමින් සිටින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.









Comments
Long live JVP, Freedom for sri lanka