යාපනයේදී පැහැරගැනීමට ලක්වූ ජනඅරගල ව්‍යාපාරයේ සාමාජිකයින් වන ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධයෙන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගවූ නඩු විභාගය ජුලි මස 24වන දා දක්වා කල් දමනු ලැබීය.
ලලිත් සහ කුගන්ගේ පැහැරගැනීම අභියාචනාධිකරණයේ විභාගවූ හබයාස්කෝපුස් පෙත්සම් නඩු විභාගයේදී පැහැරගැනීම සම්බන්ධ වැඩිදුර නඩු විභාගය සිදුකිරීම යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට අභියාචනාධිකරණය විසින් පවරනු ලැබීය.ඒ අනුව නඩුව අද(23) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා නීතිපතිවරයා වෙනුවෙන් විශේෂ නීතිඥයකු මෙම නඩු විභාගයට පැමිණීමට නියමිතව ඇති බවත් ඔහුට අද දිනයේ නඩු විභාගයට සහභාගීවීමට අපහසු බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය. එහිදී එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය ජුලි මස 24වන දක්වා කල් දමනු ලැබීය.
අද පැවැති නඩු විභාගය සඳහා නඩුවේ වගඋත්තරකරුවන්වූ හමුදාපති, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු වෙනුවෙන් නීතිඥයින් පෙනී සිටියහ.
ජනඅරගල ව්‍යාපාරය නියෝජනය කරමින් එහි මාධ්‍ය සහ ප්‍රචාරක ලේකම් වරුණ රාජපක්ෂ මහතා සහ ලලිත් සහ කුගන්ගේ ඥාතීහුද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් සිටියහ.







