Latest news
A+ R A-

දෙමළ දේශපාලන සිරකරුවන් උපවාසය අත්හරී

E-mail Print PDF

 

කොළඹ, අනුරාධපුර, වව්නියාව සහ කළුතර බන්ධනාගාරවල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පසුගිය 17වැනිදා ආරම්භකළ  මාරාන්තික උපවාසය ඊයේ රාත්‍රියේදී අවසන් කර තිබේ. ඔවුන් සම්බන්ධ නීතිමය කටයුතු මාසයත් තුළ සිදුකරන බවට නිමල් සිරිපාල අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු ඔවුන් එම පියවර ගෙන තිබේ.

අත්අඩංගුවේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවන්ට එරෙහිව ඇති නඩු විභාග කිරීම සඳහා මාසයක්‌ ඇතුළත කොළඹ, අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම යන නගරවල මහාධිකරණ ස්‌ථාපිත කරන බව නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුව ඇති නඩු ගොනු මාසයක්‌ ඇතුළතදී සකස්‌ කර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් විශේෂ කාර්ය මණ්‌ඩලයක්‌ පත් කිරීමට කටයුතු කරන බවද සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය වීමට කැමති සිරකරුවන් අතුරින් සුදුසුකම් ඇති අය ඉක්‌මනින් පුනරුත්ථාපනයට යොමු කිරීමට අධිකරණය මගින් තීන්දු ලබා ගැනීමට කටයුතු කරන බවද  සිල්වා මහතා ප්‍රකාශ කළේය.

දැනට  අධි චෝදනා පත්‍ර භාරදී රක්‍ෂිත බන්ධනාගාර ගත දේශපාලන සිරකරුවන්  ගණන 359ක්‌ බවත්, නඩු පැවරීමට අපේක්‍ෂාවෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත දේශපාලන සිරකරුවන්  ගණන 309ක්‌ බවද ඒ මහතා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 80 guests online